Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
230
Views

රුධිරය, එන්නත් ආදී හදිසියේ අවශ්‍ය වන සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඩේ‍රා්න තාක්ෂණය භාවිත කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පෙන්වා දෙන්නේ කොළඹින් බැහැර ප්‍රදේශ වෙත රුධිරය, එන්නත් ආදී හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමේදී ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුව ඇති බවයි. 

පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ දිවයිනේ රෝහල් කිහිපයකටම හදිසියේ රුධිරය සහ එන්නත් ආදිය අවශ්‍ය වූ බවත් එවැනි අවස්ථාවකදී ඉක්මනින් රුධිරය, ඔෟෂධ සහ එන්නත් ආදිය සැපයීමට ඩේ‍රා්න තාක්ෂණය යොදාගත හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙසේද කීය. 

 

“බොහෝ දුෂ්කර පළාත්වල හදිසි රෝගීන්ට අවශ්‍ය වන රුධිරය සහ එන්නත් ආදිය දිවයිනේ ප්‍රධාන රෝහල් වෙතින් සැපයීමේදී විශාල කාලයක් ගතවෙනවා. එලෙස ගතවන කාලය රෝගියාගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක සාධකයක්. දිවයිනේ බොහෝ රෝහල් වෙත ඇතැම් හදිසි ඔෟෂධ වර්ග, එන්නත්, රුධිරය සහ යන්ත්‍ර සූත්‍ර පවා මධ්‍යම ගබඩාවේ සිට ප්‍රවාහනය කෙරෙන්නේ සාමාන්‍ය මාර්ග පද්ධතිය ඔස්සේයි. 

 

මාර්ග තදබදය සහ දුර ප්‍රමාණය ආදී විවිධ සාධක මත ගතවන කාලය තීරණය වෙයි. 

 

සාමාන්‍යයෙන් හෘද රෝගියකුගේ ජීවිතය බේරාගැනීම පළමු පැය හෝ දෙක තුළ කෙරෙන හදිසි ප්‍රතිකාර මත තීරණය වෙයි. දිවයිනේ පහසුකම් අඩු රෝහල්වලට ඇතුළත් වන හෘද රෝගීන් සඳහා අවශ්‍ය හදිසි ප්‍රතිකාර සඳහා වන සෞඛ්‍ය පහසුකම් සැපයීමේදී ප්‍රායෝගිකව මෙම ගැටලුවට මුහුණ දෙනවා. 

 

මෙම ගැටලුවට විසඳුමක් ලෙස සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඩේ‍රා්න 

 

තාක්ෂණය භාවිත කිරීම වාසියක්. මෙම තාක්ෂණය යොදාගනිමින් ඉතා කඩිනමින් පැයක් හෝ දෙකක් තුළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පිහිටි රෝහලක් වෙත එන්නත්, රුධිරය වැනි දේ සැපයීමේ හැකියාව තිබෙනවා. රුවන්ඩාව සහ ඝානා වැනි රටවල සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහා ඩේ‍රා්න භාවිත කෙරෙනවා. එම රටවල මිලියන 22කට අධික පිරිසකට ක්ෂණිකව රුධිරය, එන්නත් හා හදිසි ඔෟෂධ සැපයීම සාර්ථක ලෙස කෙරෙනවා.  මෙම ක්‍රියාවලිය හේතුවෙන් මේ වනවිට රුවන්ඩාව හිඟයකින් තොරව ඔෟෂධ සපයන, කල්ඉකුත් වීමට ඔෟෂධ ඉතිරි නොවන එකම රට බවට පත්ව තිබෙනවා. එම ඩේ‍රා්න මඟින් කිලෝ 2ක පමණ බර ප්‍රමාණයක් පහසුවෙන් රැගෙන යා හැකියි. පැයට කිලෝමීටර් 100ක පමණ වේගයකින් ඒවා රැගෙන යෑමේ හැකියාව තිබෙනවා. 

 

ශ්‍රී  ලංකාවේද වර්තමානයේදී වනාන්තර විනාශය, විවිධ ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම, අලි - මිනිස් ගැටුම ආදී තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට ඉතා සාර්ථක ලෙස ඩේ‍රා්න තාක්ෂණය භාවිත වෙනවා. ඒ ආකාරයට සෞඛ්‍ය පහසුකම් සැපයීම සඳහාද එම තාක්ෂණය යොදා ගත හැකියි.” 

 

කේ.කේ. ආරියදාස

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top