Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
957
Views

පසුගියදා එංගලතයේ පැවති  කාටර් කුසලාන පොලෝ තරඟාවලියට රැජිනියන් දෙදෙනෙකු සහභාගී වී සිටිනු දකින්නට ලැබුණා. 

93 හැවිරිදි එන්ගලන්ත මහරැජින තද රෝස පැහැ  ඇඳුමකුත් ඊටම ගැලපෙන රෝස මලින් වැඩ දැමු තොප්පියකින්ද සිටියා. කොහොම වුනත් ඇයට නොදෙවෙනි තවත් රැජිනක් ද එහි දකින්නට ලැබුණා . ඇය  hit ITV චැනලයේ වික්ටෝරියා රැජිනගේ චරිතයට පණ  පෙවූ ජෙනා කෝල්මන්. 

 

මොවුන් දෙපලම අමුත්තන්ගේ පහළ  මාලයේ සිට තරඟය නැරඹුවත් එතරම් සුහද සම්බන්දයක් නම් දකින්නට ලැබුනේ නැහැ. 

කොහොම වුනත් මේ දෙපළම එකිනෙකා පරයා යන ඇඳුම් විලාසිතා වලින් සැරසී  සිටියා. රැජින ගේ රෝස පැහැ  ඇඳුමට කලු අත් බෑගය සහ සුදු පැහැ  අත්  වැසුම් සිත් ඇදගන්නා පෙනුමක් එක කර තිබුණා. නවීන මෝස්තරයේ ලිලැක් ගවුමකින් හැඩ  වී සිටි කෝල්මන් ද මහරැජින ට නොදෙවෙනි අයුරින් කැපී පෙනුනා . 

එදින පොලෝ තරඟයේ ජයග්‍රාහක ආර්ජන්ටිනු ජාතික නිකොලස් පීරිස්  රාජකීය නීති ඉක්මවා යමින් මහරැජිනගේ පිට ප්‍රදේශයේ අත  තබමින් ඡායාරූපයකට පෙනී සිටියා. එහි සිටි රැජිනගේ ආරක්ෂකයෙක් මේ තත්වය වලක්වමින ක්‍රීඩකයා පසුපසට කිරීමට උත්සාහ ගන්නා ආකාරය කැමරා වල සටහන් වී තිබුණා. 

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top