Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
370
Views

රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකට කාන්තාවක් ඝාතනය කිරිම සදහා සැලසුම් කළ සැකකාරියක් හා සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

පොලිසිය විසින් උපාය දුතයින් යොදවා මාගාල්ල ප්‍ර දේශයේ දි මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොන්ත්‍රාත්තුවකට ඝාතනය කිරිමට සැලසුම්කොට තිබි ඇත්තේ උණවටුණ ප්‍රදේශයේ  හෝටලක් පවත්වාගෙන යන කාන්තාවකි. 

එම කාන්තාවගේ සැමියා ඇයගෙන් වෙන්වි ස්විඩනයේ පදිංචිව සිටින අතර ඇය මෙකි හෝටලයෙන් පන්නා දැමිමාට ඔහුට අවශ්‍ය වි තිබෙනවා.

 ඒ අනුව මෙකි පුද්ගලයා ස්විඩනයේ සිට තමන්ගෙන් වෙන්වි සිටින බිරිද මැරිම සදහා රුපියල් ලක්ෂ 30 කොන්ත්‍රාත්තුවක් සැකකාර කාන්තාවට ලබා දෙන බවට පොරොන්දුවි ඇති අතර උණවටුණ ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන කාන්තාව තමන් ඝාතනය කිරිමට පිරිසක් සිටින බවට ගාල්ල දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහට පැමිණිලිකොට  තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වු ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති දිනේෂ් ද සිල්වා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රසික සෙනවිරත්න 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top