Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
331
Views

ඉදිරි මැතිවරණවලදී මෙරට මුස්ලිම් ප්‍රජාව කවර පාර්ශ්වයකට හෝ ඡන්දය ලබාදීමට සූදානමක් නොමැති බව ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් පවසයි.

මින් ඉදිරියට තමන් තනිව අරගල කිරීමට සූදානම් වන බවද ඔහු අවධාරණය කරයි.

ඉන්දීය මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී හකීම් මහතා මෙසේද කීය.

අමාත්‍ය ධුරවලින් ඉවත්වීම හැර අපට වෙනත් විකල්ප මාර්ගයක් තිබුණේ නැහැ. ඉතිහාසයේ පළමු වතාවට මුස්ලිම් අමාත්‍යවරු සියලු දෙනා තමන්ගේ අමාත්‍ය ධුරවලින් ඉවත් වුණා. එතැනදී කිසිදු පක්ෂ, පාට භේදයක් තිබුණේ නැහැ.

අමාත්‍ය ධුරවල හිඳ සැප විඳීමට අපට වුවමනාවක් නැහැ. මේ අවස්ථාවේ වැදගත් වන්නේ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාවයි.

විපක්ෂයට අප අවධාරණය කළ යුතු යමක් තිබෙනවා. ඒ තමයි අපි මින් ඉදිරියට කාටවත්ම ඡන්දය ලබාදෙන්න සූදානමක් නැහැ කියන එකයි. දේශපාලනික වශයෙන් තනිව තරග කිරීමට සූදානම්. අපි වෙනම සන්ධානයක් ලෙස මැතිවරණයකට ඉදිරිපත් වනු ඇතැයි කියා බියක් අද විපක්ෂයටත් ඇති වෙලා තිබෙනවා. 

අපි ඉවත් වුණේ නැත්නම් අපගේ ජනතාව තවත් අසරණ වෙනවා. ඔවුන් සිතන්න පුළුවන් අපේ නායකයන් අපි වෙනුවෙන් මොනවද කළේ කියලා. අපි ආණ්ඩුවේ සිට ආණ්ඩුවට බලපෑම් කළත් අපිට යමක් ජනතාව වෙනුවෙන් කරන්න නොහැකි වුණා. ඒ නිසයි සියලු දෙනා ධුරවලින් ඉවත්ව ආණ්ඩුවට පණිවුඩයක් ලබාදුන්නේ.

අපි සමාජය තුළින් ත්‍රස්තවාදය බිහිවීම වැළැක්විය යුතුයි. පවතින පීඩාවත් සමඟ ඇතැම් විට තරුණයන් ප්‍රචණ්ඩත්වයට යොමු විය හැකියි. එයත් අපගේ ඉවත්වීමට එක් හේතුවක් වුණා.

නමුත් අපි අමාත්‍ය ධුරවලින් ඉවත්වීම රටට යහපතක් නොවන බව මහ නායක හිමිවරුන් පිළිගෙන තිබෙනවා. මුස්ලිම් ප්‍රජාව නායකයන් එකමුතු වනු ඇති බව කවුරුත්ම හීනයකින්වත් හිතුවේ නැහැ.

විපක්ෂයේ සිටින ඇතැම් අන්තවාදීන්ගේ අපේක්ෂාව වී තිබෙන්නේ පවතින කලබලකාරී වාතාවරණය එලෙසම පවත්වාගෙන යෑමයි. කිහිපදෙනකු කළ ක්‍රියාවකට සමස්ත මුස්ලිම් ජනතාවම වගකිවයුතු බවට ගෙනයන ඔවුන්ගේ ප්‍රචාරයන් ඉතා භයානකයි.

මුස්ලිම් ජනතාවගේ එකම නායකයා මම නෙවෙයි. මම එහෙම හිතන්නේ නැහැ. යුද්ධයෙන් පසුව දේශපාලනයට තවත් සතුරෙක් අවශ්‍ය වුණා. සහරාන් සමඟ කුඩා කණ්ඩායමක් සිදුකළ ම්ලේච්ඡ ක්‍රියාව තම දේශපාලන වාසියට යොදාගනිමින් ඇතැම් කණ්ඩායම් සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙතම චෝදනා එල්ල කරමින් සිටිනවා.

අපි එදා ඉවත් නොවී සිටියා නම් ඇතැම් විට අපගේ බොහෝ නිවාස, කඩසාප්පු විනාශ වෙන්න තිබුණා. එසේ සිදුවුණා නම් ජාත්‍යන්තර බලපෑම් මීට වඩා වැඩි වෙන්නත් තිබුණා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පිළිබඳව ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකිනෙකාට ඇඟිල්ල දික් කරමින් සිටිනවා. මෙයින් සියලු වාසි අත්වෙන්නේ පොහොට්ටු පක්ෂයට බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ.

නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාත් ඇතැම් ස්ථානවලදී ඉතා ආවේගශීලීව එක් එක්කෙනාට චෝදනා එල්ල කරමින් අදහස් දක්වන ආකාරයක් මම දුටුවා. ඔවුන් මීට වැඩි වගකීමෙන් අදහස් දැක්විය යුතුයි. 

එමෙන්ම පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් අතර සාධාරණ හේතු නොමැතිව අත්අඩංගුවට ගත් පුද්ගලයන්ද සිටිනවා. ඔවුන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අපි ක්‍රියාමාර්ග ගන්නා අතරම ඔවුන් නිදහස් වූවාට පසුව ඔවුන් වෙනුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමටත් අපි අපේක්ෂා කරනවා. 

ලක්ෂ්මී ජයකොඩි

 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top