Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 18
334
Views
ඉන්දියාව සමග පැවැති තරගයේදී ශතකයක් (140)ලබාගත් රෝහිත් ෂර්මා තරගයෙන් අනතුරුව පවසා සිටියේ තාත්තලාගේ දිනයේදී තමා ලබා ගත් ඒ ශතකය සිය දියණිය වෙනුවෙන් බවයි.

පළමු වරට පියකු වීමෙන් පසුව ඉකුත් 16 වැනිදා පැවැති ලෝක පියවරුන්ගේ දිනයේදී රෝහිත් ෂර්මා අදාළ ශතකය වාර්තා කළා. ඉකුත් දෙසැම්බර් මාසයේදී උපත ලද ෂර්මාගේ දියණියගේ නම සමීරා යනුවෙන් නම් තබා තිබෙනවා.

‘මම දැන් සිටින්නේ මගේ ජීවිතයේ ඉතාමත් හොඳ තැනක. ඒ මගේ දියණිය ඉපදුන දවසේ ඉඳලා. මම මගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සතුටක් ලබනවා. අයි.පී.එල්. තරගාවලියෙන් පස්සෙ ලෝක කුසලානට පැමිණීමට හැකිවීම ඉතාමත් හොඳ ආරම්භයක් වුණා. ලෝක කුසලාන තරගාවලියක් හොඳින් ආරම්භ කිරීමේ වැදගත් අපි දන්නවා. ඒ වගේම අපි කණ්ඩායමක් වශයෙන් නිවැරදි දිශාවට ගමන් කරමින් ඉන්නවා. ’ යැයි ෂර්මා තරගයෙන් පසුව වැඩිදුරටත් පවසා තිබෙනවා. 
 



Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top