Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
1,281
Views


දෑත් සහ දෙපා ගැටගසා ගංගාවක ගිලී ගොඩ ඒමට උත්සහ කරමින් මැජික් සංදර්ශනයක් පෙන්වීමට ගිය මැජික් ශිල්පියෙකු දියේ ගිලී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තාවන්නේ ඉන්දියාවේ කල්කටාවලින්.

එරට ජනප්‍රිය මැජික් ශිල්පියෙකු වන චංචල් ලහිරි නැමති ශිල්පියෙකු මෙලෙස මියගොස් ඇතිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු මීට පෙර අවස්ථා ගණනාවකදී මෙවැනිම මැජික් සංදර්ශන පෙන්වා ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් නොසිතූ ලෙස මෙම අවස්ථාවේ ඔහු යළි ජලයෙන් ගොඩට පැමිණීමට හැකියාවක් ලැබී නෑ.

එම අවස්ථාවේ යකඩ දම්වැල් සහ කඹ යොදාගනිමින් ඔහුගේ දෑත් සහ දෙපා බැඳ තිබෙනවා.

ආනතුරුව ඔහු දොඹකරයක ආධාරයෙන් ගංගාවට දමා ඇති අතර බලාපොරොත්තු වූ කෙටි වෙලාව ඇතුලත ඔහු යළි ගොඩට නොපැමිණි බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

එහිදී ජීවිතාරක්ෂක බටයින් එක්ව කඩිනමින් ගංගාවේ කිමිදී මෙම මැජික් ශිල්පියා සොයා ඇතිමුත් ඔහු සොයාගැනීමට නොහැකි වූ බවයි විදෙස් බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top