Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
443
Views
සමාජ මාධ්‍ය ඔස්සේ අත්වැරදීමකින් පළාත් සභා රැස්වීමක් හාස්‍යජනක ලෙස විකාශය වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාල සිදුවීම වාර්තා වන්නේ පාකිස්තානයෙන්.

එරට සමාජ මාධ්‍ය හරහා විකාශනය වූ සජීවී විකාශයක පළාත් සභා රැස්වීමක එක්වරම කැට් ෆිල්ටර් ඒකකය විවෘත වීමෙන් එහි සිටි ඇමතිවරු මෙලෙස දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා.

එහිදී අදාළ ෆේස්බුක් ෆිල්ටර් යෙදවුම විවෘත වූ අවස්ථාවේ රෝස පැහැති කන් සහ හුරුබුහුටි නාසයන් සමඟින් විකාශය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ෆිල්ටරය පළාත් සභාවේ නිලධාරීන් ඉක්මණින්ම අක්‍රිය කළද එහි සිටි අමාත්‍යවරුන්ගේ ඡායාරූප අන්තර්ජාලය හරහා ඉතා ඉක්මණින් සංසරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පළාත් සභාවේ සිටි අමාත්‍යවරයෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙය " මානුෂිය වැරැද්දක් බවයි.

වැඩිදුරටත් ඔහු එරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ යළිත් මෙවැනි වැරදි සිදු නොවීමට වග බලා ගන්නා බවයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top