Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
324
Views
ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගෙන් 06 දෙනෙකුට පාර්ලිමේන්තු සභා ගර්භයේ හෙට සිට පසුපෙළ අසුන් පනවා තිබෙනවා.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ ඔවුන් සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි කතානායකවරයාට ලැබී ඇති හෙයින් අද දිනය තුල නව ආසන සංයුතිය සකස් කරන බවයි.

කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය කබීර් හෂීම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ්  බදියුදීන්ගේ ඉදිරිපෙළ අසුන්වල වෙනසක් සිදු නොවනු ඇති.

ඒ එම ඔවුන් තිදෙනා සම්බන්ධයෙන් පක්ෂ නායක පදනම මත කටයුතු කිරීම හේතුවෙන්.

මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙට පස්වරු 03ට යලි රැස්වීමට නියමිතයි.

එහි සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා හෙට දිනයේ කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට පසුදින අරාබි ජාතිකයන් දෙදෙනෙකු නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සැකකටයුතු අන්දමින් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවධාණය යොමු වී තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top