Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
2,307
Views
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසාගේ දින පොතෙන් ලැබුණු අවාසනාවන්ත කතාවකි මේ.


ඇය රෝහලට පැමිණ සිටියේ ඇදි වතද නොසලකායි.
පැමිණි ත්‍රීරෝද රථය නවත්තන්නත් පෙර එළියට පැන්න ඇය
හති අරිමින් , කලන්තෙ දාන්න ඔන්න මෙන්න සිටිමින් කියනවා
‘මහත්තයා බේරන්න’… ඇයට කියා ගත හැකි වූයේ එපමණකි.
එසැනින් ඇය ඇද වැටින..
අප වහා ත්‍රිරෝද රථයට එබිකම් කළෙමු. දෙයියනේ… තරුණයෙක්!
එහෙත් ඒ වන විටත් සියලු ඉන්ද්‍රියන් අකර්මණ්‍ය සිටි ඔහු මියගොස්..
එනමුදු අපද එය පිළි නොගනිමින් වහා ඔහුව ප්‍රතිජීවණය සදහා යොමු කළෙමු..
CPR, Electric Shock , drugs සියලු දෙනා එක්ව ඔහුව බේර ගැනීමේ දැවැන්ත සටනක නිරත වූයෙමු.
එහෙත් සත්‍යනම් ඔහු පැමිණියේ මරණය ඉකුත් වී හිස් සිරුරක් ලෙසය .
අප අවසානයේදී ඇයගේ බලකිරීමටම ඇයට ඒ බව පැහැදිලි කරද්දී. ඇය දුක දරා ගත නොහැකිව පොලොවේ පස්කාගෙන ඇද වැටීය..

ඇත්තටම ඔහුට සිදුවූයේ කුමක්ද?
ඔවුන් අලුත බැදපුජෝඩුවක් …
අධික දාඩිය නිසා ඔහු නාලා තුවායෙන් යන්තම් වතුර පිසදා ගත්තද ඔහුට හරිම රස්නෙලු. එකකොටම මතක් වුනාලු ඔවුන්ට මගුලට විදුලි පංකාවක් තෑගි ලෙස ලැබුණු බව.
ඔහු වහාම විදුලි පංකාව අරන් විදුලිය සම්බන්ධ කර එය එහෙට මෙහෙට කරද්දී එකපාරටම විදුලිය වැදී ඔහු විසිවී ඇද වැටුනලු.

එයයි ඔහුගේ මරණයට හේතුව.
අවවාදයයි- විදුලි උපකරණ තෑගි කරන්නේනම් ප්‍රමිතියකට ඇති වගකීම් දරණ උපකරණ ලබා දී මෙවන් අනතුරු වළක්වාලන්න
ඒවගේම නිවසතුල නවීණ විදුලි පරිපත සවි කරගන්න.
විදුලි උපකරණ භාවිතා කිරීමේදී සැළකිලිමත් වන්න. වතුර අතපත ගා විදුලි භාණ්ඩ භාවිතා නොකරන්න.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top