Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
529
Views

පොලිස් නිලධාරිණියකගේ රාජකාරි කටයුතුවලට බාධා කළ කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් පුනි මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද  නියෝග කළා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් බව පොලිසිය පවසනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පුද්ගලයා නීති විරෝධී මත් පැන් කසිප්පු අලෙවි කරන අතර සැකකාරිය හෙරොයින් අලෙවි කරන බව පොලිසිය කියයි.සැකකරු විවාහ වී ඇති අතර සැකකාරිය ද විවාහ වි දරුවන් ද සිටියි. දෙදෙනාම මාරුවෙන් මාරුවට මත්ද්‍රව්‍ය අලෙවි කරන අවස්ථාවේදී අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් ද ගොඩ නගාගෙන තිබුණි. පසුව දෙදෙනා අතර ඇති වුවා යැයි කියන බහින් බස් වීමකින් පසුව කාන්තාව අනියම් පුරුෂයාට එරෙහිව කෑගල්ල මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පැමිණිල්ලක් සිදු කළාය. 

පසුව පැමිණිල්ල විසදීම සදහා පැමිණිලිකාරියටත් විත්තිකරුටත් ඉකුත් 15 දා කෑගල්ල මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පෙනි සිටින ලෙස පොලිසිය දන්වා තිබුණි. පසුව පැමිණිලිකාරියත් විත්තිකරුත් පොලිසියට පැමිණ පැමිණිල්ල විභාග කර අවසන් සමථයකට පත් බවට සටහන් පොතේ සිය අත්සන් යොදන අවස්ථාවේදී පැමිණිළිකාරිය විත්තිකරුගේ ගෙලෙගි පලදවාගෙන තිබු සුදු යකඩ මාලය තමා විසින් දුන්නා යැයි පවසා ගැලවීමට උත්සහ දරා ඇත. පසුව පැමිණිලිකාරියත් විත්තිකරුවත් දෙදෙනාම පොලීසියේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු වලට බාධා කරමින්  ගුටි බැට හුවමාරුවක් ද සිදු කරගෙන ඇත.

පසුව ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා එ,එම් යසන්ති මහත්මිය පැමිණිලිකාරියත් විත්තිකරුත් අත්අඩංගුවට ගෙන පෙරේදා 16 දා කෑගල් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. එහිදී ඊයේ 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ගත කර ඇති අතර ඊයේ 17 යලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණ.

චමින්ද ජයලත්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top