Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
1,154
Views
තමන් යටතේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට ත්‍රස්ත නායක සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාද සම්බන්ධයෙන් දේශන පැවැත්වූවේ යැයි කියන කොල්ලූපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක ගුරුවරයකු ලෙස කටයුතු කළ මුස්ලිම් ජාතිකයකු ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා (13 දා) නියෝග කළේය.

තවද මෙම ගුරුවරුයා තරුණ සිසුවියන්ගේ අඩ නිරුවත් දර්ශන වීඩියෝ ගත කර, ඒවා අන්තර් ජාලයට මුදාහරින බවට තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ කොල්ලූපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබූණා.

වෂීම් අහමඞ් නමැති මෙම සැකකරු එම අධ්‍යාපන ආයතනයේ හිමිකරුගේ දියණිය ඇතුළු තරුණ සිසුවියන් වැසිකිළියට ගිය අවස්ථාවේදී හා ඇඳුම් මාරුකරන ස්ථානවලට ගිය අවස්ථාවලදී ඉතා සූක්‍ෂම ලෙස ඒවා වීඩියෝ ගතකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ආයතන හිමිකරු කොල්ලූපිටිය පොලිසියට ගිය අවස්ථාවේදී පොලිස්ථානය තුළදී පවා ආයතන හිමිකරුට තර්ජනය කර ඇති බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට පැවසීය.

එමෙන්ම ඔහු සිය සිසු සිසුවියන්ට විෂය දැනුම ලබා දීමට පෙර දිනපතා උදෑසන ත්‍රස්ත නායක සහරාන් හෂීම් විසින් පවත්වනු ලැබූ දේශන පිළිබඳව සිසුන් දැනුවත් කරමින් දේශන පවත්වා ඇති බවත් සඳහන්.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top