Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
2,055
Views
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් තම ආසියාතික සූරාකෑම අවසන් කරමින් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට නාමික නිදහස ප්‍රධානය කරන ලදී. බ්‍රිතාන්‍ය කිරීටයට අයත්ව තිබු ප්‍රධානම රට වශයෙන් ඉන්දියාව හැඳින් විය හැක. ඉන්දීය පුරවැසියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් කල සටන අවසන් වුයේ 1947 දී ලැබූ නාමික නිදහස තුලිනි. එහෙත් අධිරාජ්‍යවාදීන්ගේ වුවමනාව අනර්ඝ ලෙස ඉටු කරමින් එතෙක් ඒකීය වශයෙන් තිබු ඉන්දියාව කොටස් දෙකකට බෙදා සදාකාලික විරසකයක් ඇති කළේය. මොහොමඩ් අලි ජින්නා පකිස්තානයේ නව පාලකයා වූ අතර , ජවහල් ලාල් නේරු ඉන්දියාවේ ධනපති පාලනයේ සුක්කානම හෙබවීය. බෙදී වෙන් වී ගිය සෑම රටක්ම සදාතනික සතුරන් බවට පත් වූ ආකාරයෙන්ම මේ දෙරටද පසු කලෙක ගංගා නම් නදිය තරමටම ලෝහිත ධාරා පොළොවට මුහු කළේය.

ඉන්දියාව මැදි කරමින් තවත් රටවල් දෙකක් අනතුරුව බිහි වූ අතර, එය නම් කරන ලද්දේ නැගෙනහිර පකිස්තානය හා බටහිර පකිස්තානය ලෙසය. බටහිර පකිස්තානය අද වන විට පකිස්තානය ලෙස හඳුන්වන අතර නැගෙනහිර පකිස්තානය බංග්ලාදේශය ලෙස වර්තමානයේ හැඳින් වේ. මෙම වෙනස හුදු අහම්බයක් ලෙස සිදු නොවූ බව ඉතිහාසය සාක්ෂි දරයි. බටහිර පකිස්තානය තුල ව්‍යවහාර වුයේ උර්දු බසය. එහෙත් අති විශාල ජනගහනයක් විසු නැගෙනහිර පකිස්තානයේ බහුතරය භාවිතා කරනු ලැබුවේ බෙන්ගාලි බසය. මුලාරම්භයෙදී භාෂාව පිළිබඳව හටගත් මත ගැටුම යුධමය තත්වයක් දක්වා දික් ගැස්සුණු අතර , බටහිර පකිස්තානය තම දේශපාලන හා යුධ බලය උපයෝගී කරමින් වර්තමාන බංග්ලාදේශය බලහත්කාරී ලෙස පාලනය කරනු ලැබිය. එයට එරෙහිව නැගී සිටිනැගෙනහිර පක්ස්තානු දේශපාලන නායකයින් , බුද්ධිමතුන් , ප්‍රජා ක්‍රියාකාරීන් මැතිවරණයක් ඉල්ලා සටන් වැදුනි. එහෙත් එම මැතිවරණය ඉතා දුෂිත ලෙස පවත්වා වර්තමාන පකිස්තානයට වාසි සහගත ලෙස නිමා කරන ලදී.


නැගෙනහිර පකිස්තානය ඉන් පසුව නතු වුයේ බටහිර පකිස්තාන හමුදා ජුන්ටා පාලනයටය. ඉන් පසුව එම රට තුල උද්ගත වූ අති අමානුෂික සිදුවීම් පෙළ වචනයෙන් විස්තර කල නොහැකි තරමට ත්රාශයෙන් භීතියෙන් පිරී ඇත. 1971 මාර්තු 26 වනදින පක්ස්තාන හමුදා දියත් කල යුධ මෙහෙයුම අවසන් වුයේ මිලියන දෙකකට ආසන්න සිවිල් වැසියන් මරා දැමීමෙනි. මිලියන 30 කට ආසන්න ජනතාවකට උන්හිටි තැන අහිමි වූ අතර මිලියන 10 ක් පමණ දේශසීමාව තරණය කරමින් ඉන්දියාවට පැමිණියේය. ලක්ෂ දෙකකට ආසන්න බංග්ලාදේශ කාන්තාවන් දුෂණය කල අතර , දහස් ගණනක් පියවරුන් නොමැති පස්චාත් යුධමය දරුවන් බිහි විය. 1971දෙසැම්බර් මස පළමු දින මෙම තීරශ්චීන යුද්ධයට ඉන්දියාවද මැදිහත් විය. අවසානයේදී ඉන්දීය හමුදා අතින් පකිස්ථානය පරාජය වූ අතර , බටහිර පකිස්ථානයේ අනසකට යටත්ව තිබු නැගෙනහිර පකිස්ථානයට පුර්ණ නිදහස හිමි විය. එතැන් පටන් නැගෙනහිර පකිස්ථානය බංග්ලාදේශය ලෙස හැඳින් විය. . මේ චායාරුපයේ දිස්වන්නේ එවකට පැවති අතිශය භයංකර යුධමය තත්වයක් මැද , ජනතාව තව දුරටත් නොමරා මරමින් පැතිර ගිය කොලරා වසංගතයට මුහුණ දුන් සැබෑ බිරියක් හා සැමියෙකි. පක්ස්තාන හමුදාවන්ගේ සමුලඝාතන රැල්ලෙන් බේරීමට තම ඔත්පල වූ දයාබර බිරිඳ රැගෙන ආරක්‍ෂිත ස්ථානයට යන අවස්තාව කැමරාවට හසුකර ගන්නා ලද්දේ බ්‍රිතාන්‍ය මාධ්‍ය වේදියෙකු වූ මාර්ක් එඩ්වර්ඩ් විසිනි.
කවර ගනයේ යුද්ධයයකින් හෝ මියයන්නේ සීතල කාමර තුල හිඳ යුද්ධයට අණදෙන මිනිසුන් නොව, එදා වේල සරිකර ගැනීමට ජීවිතය සමග පොර බදන මෙන්න මෙවැනි මිනිසුන්ය.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top