Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
2,100
Views

හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් මස 17 වැනි දින විවාහ දිවියට එළඹෙන බව ප්‍රකාශ කර තිබේ.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය විවාහය සම්බන්ධයෙන් ප්‍රථමවරට හෙළිදරව් කර ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාටය.

කෙටි සංචාරයක් සඳහා ඉකුත්දා දිවයිනට පැමිණි නරේන්ද්‍ර මෝදි මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් කොළඹ මුනිදාස කුමාරතුංග මාවතේ පිහිටි ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවස වන “ඉන්දියා හවුස්” හි පැවැත්විණි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද එහි ගොස් සිටි අතර නාමල් දුටු විගස ඉන්දීය අග්මැතිවරයා සිනහමුසු මුහුණින් ඔහුගෙන් තොරතුරු විමසා සිටියේය. එවිට නාමල් රාජපක්ෂ මහතා නරේන්ද්‍ර මෝදිට ප්‍රකාශ කර සිටියේ තමා සැප්තැම්බර් 17 වැනි දින විවාහ වන බවයි.

එසැණින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සැප්තැම්බර් මස 17 වැනි දිනම තෝරාගත්තේ ඇයි දැයි විමසා සිටියේය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊට පිළිතුරක් දීමට ටිකක් පමා වී ඇති අතර එසැණින් ඊට මැදිහත්වූ හිටපු ජනාධිපතිවරයා 17 වැනිදා නැකත් දිනයක් වන හෙයින් එදින තෝරාගත් බව පැවැසීය.

නරේන්ද්‍ර මෝදි මහතා ඊට පිළිතුරු දෙමින් එදින තමාගේ උපන්දිනය බව ප්‍රකාශ කළෙත් එහි සිටි පිරිස සතුටු සිනා පහළ කලහ.

නාමල් රාජපක්ෂ මහතා සමඟ යුග දිවියට එක්වන වාසනාවන්තිය කවුරුන්දැයි අප විමසා බැලූ අතර ඇය මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන තිලක් වීරසිංහ සහ කෙටිදුර ධාවන ශූරියක ලෙස කලක් නම් දරා සිටි අරුණි වික්‍රමරත්න දෙපළගේ එකම දියණිය බව දැනගන්නට ලැබිණි.

තිලක් වීරසිංහ මහතා මෙරට සංචාරක හෝටල් කිහිපයකම අයිතිකරුවෙකි.

(සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි. )

Image result for Namal to wed on Modi’s birthday







Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top