Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
238
Views
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පාකිස්ථානය සමඟ පැවති තරඟයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 89 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (16) සමත්වුණා. 

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 336 ක් රැස් කළා.

පාකිස්ථානය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී  35 වන පන්දු වාරයේ පිටියට වර්ෂාව ඇද හැලීම හේතුවෙන් තරඟය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර, පසුව එය ආරම්භ කෙරුණේ පාකිස්ථානයට පන්දු වාර 40 කදී ලකුණු 302 ක ඉලක්කයක් ලබාදෙමින්.

කෙසේ වෙතත් පාකිස්ථාන කණ්ඩායමට පන්දු වාර 40 දී කඩුලු 06 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 212 ක් පමණයි.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර 1992 වසරේ සිට ලෝක කුසලාන තරඟාවලිවල දී අවස්ථා 07ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එම සියලුම තරඟවල ජය හිමිකර ගැනීමට ඉන්දියාව සමත්ව තිබෙනවා.

මෙවර ලෝක කුසලාන තරඟාවලියේ මෙතෙක් පැවති තරඟ අතරින් වැඩිම පිරිසක් නැරඹු තරඟය ලෙසටයි මෙම තරඟය සැලකෙන්නේ. 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top