Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
400
Views

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල නායකයකු වන මොහොමඩ් මිල්හාන් ඇතුළු ප්‍රබල ත්‍රස්ත සාමාජිකයන් පස්දෙනකු සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පසුගියදා මෙරටට රැගෙනවිත් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මෙම ත්‍රස්තයන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මීට දින කිහිපයකට පෙර සෞදිය බලා පිටත්ව ගොස් ඇත. මොහොමඩ් සහරාන්ට පසු දෙවැනි පෙළ නායකයකු ලෙස මොහොමඩ් මිල්හාන් කටයුතු කර ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරනවා.

එසේම මොහොමඩ් මිල්හාන් නමැති මෙම ත්‍රස්තයා වවුනතිව්හි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවද හෙළිව තිබෙනවා.

මෙම ත්‍රස්තයන් ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, එහි අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන නිලධාරීන්ගේ ඍජු අධීක්ෂණය සහ උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක වනවා.

මීට අමතරව මොහොමඩ් සහරාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ සැකකරුවන් දෙදෙනකු මහනුවර _ හිඟුල ප්‍රදේශයේදී යුද හමුදා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

එම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 39 සහ 42 හැවිරිදි වියෙහි පසු වන බවද පොලිසිය පවසනවා.

 

චාමර අමරසූරිය

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top