Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
649
Views
ඕස්ට්‍රේලියාව සමඟ පැවති ලෝක කුසලාන තරගයෙන් පරාජය ලැබීමෙන් පසු පැවති නිල මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ කළමනාකරුවෙකු සහභාගිවී නොමැති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය ඒ සඳහා කිසිවෙකු සහභාගී නොකර සිටීමට ගනු ලැබූ තීරණය ක්‍රීඩා මාධ්‍ය අතර අද කථා බහට ලක්වුණා.

සෑම ලෝක කුසලාන තරගයක් අවසානයේදීම පැවැත්වෙන පොදු මාධ්‍ය හමු සඳහා කණ්ඩායම් දෙකේම නියෝජනයක් පැවතීම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ රීතියක්.

ඒ සඳහා කිසිවෙකු සහභාගි නොකරවීම හේතුවෙන් ශ්‍රී ලංකා පිල කිසියම් සම්බාධකයකට ලක්විය හැකි බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරගයට පෙර ලන්ඩන් ඕවල් පිටියේ තණතිල්ල ඕස්ට්‍රේලියාවට වාසිදායක අන්දමින් සකසා ඇති බවට ශ්‍රී ලංකාව චෝදනා කළා.

එමෙන්ම ලෝක කුසලාන තරග සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදෙන නවාතැන්, ප්‍රවාහන පහසුකම් ආදිය නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට නිල වශයෙන් පැමිණිල්ලක්ද කළා.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය සඳහන් කළේ සියලූ කණ්ඩායම්වලට සමාන පහසුකම් ලබාදී ඇති බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top