Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
133
Views

හොරණ නගරයේ පානදුර පාරේ පිහිටි මූල්‍ය ආයතනයක් කොල්ලකෑමට පෙරේදා (15 දා) රාත්‍රියේ පැමිණි පුද්ගලයකුට හොරණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වෙඩි තබා ඇත. එහිදී තුවාල ලැබූ කොල්ලකරු හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

 
 හොරණ මූලස්ථාන පොලිසියේ ස්ථාපිත කර ඇති මෙම මූල්‍ය ආයතනයට සම්බන්ධ ආරක්ෂිත නලාව නාදවීම හේතුවෙන් පොලිස් නිලධාරීන් පිරිසක් එම මූල්‍ය ආයතනය වෙත ගොස් තිබේ. ඒ යනවිට මූල්‍ය ආයතනයේ බිත්තියට ඉනිමගක් හේත්තු කර තිබෙනු පොලිසිය දැක ඇත. පොලිසිය එම ඉනිමග දිගේ නැග මූල්‍ය ආයතනය තුළට ගොස් තිබේ. කළුවර නිසා එහි විදුලිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. විදුලි ආලෝකය ලැබීමත් සමගම මූල්‍ය ආයතනය තුළ සිටි කොල්ලකරු පොලිසිය දෙසට පිස්තෝලයක් එල්ල කරමින් ‘එකෙක්වත් හෙල්ලෙන්න එපා. වැඩිය දැඟලූවොත් වෙඩි තියනවා....’ යනුවෙන් පවසා ඇති අතර ඒ සමගම පොලිස් නිලධාරියකු කොල්ලකරුගේ දණහිසට වෙඩි තබා ඇත. එහිදී අත්අඩංගුවට ගත් කොල්ලකරු රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
 
 23 හැවිරිදි කොල්ලකරු හොරණ, පොකුණුවිට පදිංචි අයකු බව පොලිසිය කියයි. සැකකරු රැගෙන ආ ගිනිඅවිය පරීක්ෂා කිරීමේදී එය සෙල්ලම් පිස්තෝලයක් බව හෙළි වී තිබේ.
 
 පසුගිය කාලය පුරා හොරණ ප්‍රදේශයේ ගෙවල් බිඳුම් රැසක් සිදුවූ අතර ඒවාටද මොහු සම්බන්ධදැයි යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරයි.
 
 මේ පිළිබඳව හොරණ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත රණබාහු කරුණාකලගේ මහතාගේ අධීක්ෂණය යටතේ හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථනාධිපති පොලිස් පරීක්ෂක අනිල් රණවීර මහතාගේ මෙහෙයවීමෙන් උපපොලිස් පරීක්ෂකවරුන් වන සොයිසා, වික්‍රමරත්න, රංජිත්, පොලිස් කොස්තාපල්වරුන් වන සමීර (74503), සුජිත් (55865), ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ හඳපාන්ගොඩ - රජිත 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top