Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 17
535
Views
කොල්ලූ‍පිටියේ දී දුම්රියට බිලි වූ මව හා දරු දෙදෙනාගේ මරණ පරීක්ෂණය
 
 
”‍දරුවො දෙන්නට පාසලක් නොලැබීම ගැන දුව කළකිරීමෙන් හිටියේ්.පාසල්වලට දරුවන් ඇතුළත් කරන්නත් ගොඩක් සල්ලි ඉල්ලලා තිබෙනවා.ඒ නිසා මේ ගැන කලකිරිලා දුව දරුවොත් එක්ක මෙම විනාශය කරගන්න ඇති කියා මා හිතනවා....”‍ යැයි සෙල්ලයියා රීටා සරෝස් (65) යන අය සාක්ෂි දෙමින් පැවසුවාය.
 
 කොල්ලූ‍පිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී මවක සිය දරුවන් දෙදෙනා සමඟ දුම්රියක හැපී මරුමුවට පත්වීම සම්බන්ධයෙන් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ පැවැති සාක්ෂි විභාගයේදී මියගිය කාන්තාවගේ මව එසේ කියා සිටියාය.
 
 මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කොටහේන, පරමානන්ද මාවතේ පදිංචිව සිටි ජෙනට් දර්ශනී රාමයියා (32) සහ ඇගේ දරුවන් වූ ක්‍රිසේලි පේමනාත් ආසිරියන් ජොයල්(අවු.8)හා ක්‍රිසේලි ප්‍රේමානන් ඩියොන් ක්‍රිෂ් (අවු.5) යන තිදෙනායි.
 
 මේ සම්බන්ධ මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවෙි පැවැති අතර, එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකාරිය මෙසේද කියා සිටියාය.
 
 ”‍මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් දුව හා ඇගේ දරුවෝ දෙන්නයි.දුවගේ පළමු දරුවාට මාස 6ක් වෙනකොට දුව ඇගේ සැමියාත් එක්ක විදේශ ගත වුණා.ඒ ඉන්නකොට වීසා ප්‍රශ්නයක් මත දරුවන් දෙන්නත් එක්ක දුව ලංකාවට ආවා.පසුව අවුරුදු අටේ පුතාවත් අවුරුදු පහේ පුතාවත් පාසල්වලට දාන්න පාසල් හෙව්වා.දරුවන් පිටරටදී ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා තිබූ නිසා ලංකාවේ සාමාන්‍ය පාසල්වලට යාමට නොහැකි වුණා.ඒ පාසල් වලට මේ දරුවන්ව ගත්තේ නැහැ.පෙර ගිය පාසල්වල විස්තර ඉල්ලූ‍වා.අස්වීමේ සහතික නැති නිසා ඒ පාසල් බලධාරීන් දරුවන් පාසල්වලට ගත්තේ නැහැ.ඒ නිසා අපි ජාත්‍යන්තර පාසල්වලට ගිහිල්ලා බැලූ‍වා.ඒ පාසල්වලින් ගොඩක් සල්ලි ඉල්ලූ‍වා.දුවට එතරම් සල්ලි නැති නිසා ඇය හා දරුවන් දුකෙන් හිටියා.මේ හින්දා මම සල්ලි හොයලා දෙන්නම් කිව්වා. පසුගිය 13 වැනිදා අපි පාසලකට ගිහින් බැලූ‍වා. ඒවායින් ඉල්ලන මුදල් දෙන්න අපිට තිබුණේ නැහැ. දුව මට කිව්වා අම්මාට මා කරදරයක් වෙන්නේ නැහැ කියලා. එහෙම කියලා දුව පල්ලියට ගිහින් එන්නම් කියලා 14 වැනිදා දවල් 1.00ට විතර දරුවෝත් එක්ක ගියා.මේ දරුවෝ දෙන්නා හරිම කීකරුයි. අම්මා කියන දේවල් හොඳින් අහනවා. හරිම අහිංසකයි. කව්රුවත් බීපු බෝතලයකින්වත් වතුර බොන්නේ නැහැ. එයාලට පාසලක් නොලැබීම ගැන ඇයත් ,දරුවොත් දුකෙන් හිටියා.කිසිම පාසලකින් දරුවෝ ගත්තේ නැහැ .මේක හරි අසාධාරණයි.මේ ගැන කළකිරිලා දුව, දරුවොත් එක්න මේ විනාශය කරගන්න ඇති කියලා මා හිතනවා....”‍
 
 කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එන්. රුහුල් හක් මහතා විසින් මියගිය මවගේ හා ඇගේ දරුදෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ලබන 29 වැනිදාට දුම්රිය රියදුරු උසාවියට ඉදිරිපත් කරන ලෙසට කොල්ලූ‍පිටිය පොලීසියට නියම කළාය.
  
 ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top