Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 16
528
Views
ගාල්ල - රූමස්සල කන්දේ සිරි නැරඹීමට ගොස් සිටි පුද්ගලයින් පස්දෙනෙකු අනතුරට ලක්වීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු මුහුදට වැටී අතුරුදන්ව තිබෙනවා. 

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ගාල්ල - පිලාන ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 29 හැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ. 

කන්දේ පිහිටි පර්වතයක සිට ඡායාරූප ගනිමින් සිටියදී එක්වරම පැමිණි මුහුදු රළකට හසුව ඔවුන් පස්දෙනා අනතුරට ලක්ව තිබෙනවා. 

පසුව ඉන් තුන්දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, දෙදෙනෙකු අතුරුදන්වුණා. 

පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන්වූ දෙදෙනාගෙන් කාන්තාවගේ සිරුර මේ වනවිට සොයාගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top