Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 16
1,387
Views
දින 3ක කාලයක් අතුරුදන්ව සිටි පාසල් සිසුවියකගේ මළ සිරුරක් ලොග්ගල්ලා ඔය ජලාශයේ තිබී සොයාගෙන තිබෙනවා.
 
අද උදෑසන 7.30ට පමණ ජලාශයේ වන ලැහැබක් තුල සිරවී තිබියදීයි සිසුවියගේ සිරුර හමුවී ඇත්තේ.

මෙලෙස සැක කටයුතු ලෙසට මියගොස් ඇත්තේ බදුල්ල මැදපතන ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවියක්.

ඇය පසුගිය 14වනදා සිට නිවසින් අතුරුදන්ව ඇති බවට ඥාතීන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ඇය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුනා.

පසුව මෙම සිසුවිය භාවිත කළ භාණ්ඩ කිහිපයක් ලොග්ගල්ලා ඔය ජලාශය අසල වන ලැහැබක තිබී පොලිසියට හමුවී තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 

ඒ අනුව ලොග්ගල්ලා ඔය ජලාශයේ මෙහෙයුමක් ආරම්භ කළ අතර අද පෙරවරුවේයි ජලාශයට ජලය රැගෙන එන ප්‍රධාන ඇල මාර්ගය ආසන්නයේ වන ලැහැබක සිරවී තිබියදී සිරුර හමුවී ඇත්තේ. 

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි. 

මෙය දිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 

සිද්ධිය පිළිබඳ කන්දකැටිය පොලිසිය විමර්ශණ සිදු කරනවා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top