Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 16
671
Views

ඔබයි අකිලයි කොහොමද හමුවුණේ?

මගේ යාළුවන්ගේ මාර්ගයෙන් අපි දෙන්නා හමුවුණේ.

හමුවෙනකොට ඔහු මොන වගේ කෙනෙක්ද?

එයාව මුලින්ම දකිනකොට එයා හරිම කෙට්ටුයි. මට ඇත්තටම දුකක් හිතුණා. මොකද ඒ තරමටම එයා කෙට්ටුයි. (සිනාසෙමින්) එයා හරිම හොඳ කෙනෙක් විදියට තමයි මම හඳුනා ගත්තේ. 

පෙම්වතා කාලේ අකිල?

එයා මාව හොඳට තේරුම් ගන්නවා. එයා මට වඩා හොඳට මාව දන්නවා. ගොඩක් හොඳ ඒ වගේම නිහඬ චරිතයක්. හැබැයි අවශ්‍ය වේලාවට කතා කරනවා. 

සැමියෙක් විදිහට ඔහු?

එයා බැන්දම වෙනස් වුණා කියලා ගොඩක් අය කියනවා. ඒ කියන්නේ එයාට වගකීම් වැඩි වුණා. පෙම්වතා කාලෙත් එහෙම තමයි. වගකීමෙන් වැඩ කළා. දැන් ඊට වඩා වෙනස්. ස්වාමිපුරුෂයෙක් විදියට අනාගතයේ පියෙක් විදියට එයා වගකීමෙන් වැඩ කරනවා. 

සාමාන්‍ය ජීවිතයේ ඔහු?

හරිම සරල කෙනෙක්. හැම කෙනාටම ආදරේ කරන හැමෝම ගැන හිතන හරිම හොඳ හදවතක් තියෙන කෙනෙක්. 

ඔහුගේ ජනප්‍රියත්වය ඔබට බලපාන විදිය?

එයා ජනප්‍රිය නිසා දැන් මාවත් ගොඩක් අය දන්නවා. කොහේ හරි තැනකට ගියත් අපිට විශේෂයෙන් සලකනවා. 

රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේ විවිධ භූමිකාවල හිරවුණු ඔහුට පවුල සහ ඔබ මඟහැරෙන්නේම නැද්ද?

නැහැ. කොයිම වෙලාවකවත් එයාට අපිව මඟ හැරෙන්නේ නැහැ. එයා හැමදේම සැලසුම් කරලා කරන්නේ. එයා හැමෝම ගැන හිතනවා. ඒ නිසා එයා අපිව මඟහැර ගන්නේ නැහැ. 

අකිල වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?

ඔව්. ඇත්තටම එයා වගකීම් සහගත කෙනෙක්. 

ඔහු ජීවිතය ගැන හිතන විදිහ?

ජීවිතයේ දේවල් ගැන සැහැල්ලුවට හිතන්නේ නැහැ. ජීවිතය ගැන වගකීමෙන් හිතනවා. 

ඔහු අද ඉන්න තැන ගැන සතුටු වෙනවාද?

ඔව්. අපි දෙන්නාම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. 

ඔහු වැඩිපුරම සතුටු වුණු දවස?

මම හිතන්නේ අපි දෙන්නාගේ විවාහය වුණු දවස.

ඔහුට ජීවිතයේ මඟහැරුණු දේවල් තියෙනවාද?

එයාගේ ලොකුම ආසාව වුණේ දවසක ව්‍යාපාරිකයෙක් වෙන්න. කලා ක්‍ෂේත්‍රයට ආව නිසා ඒක මඟහැරුණා. ඒත් ඒක අතහැරලා නැහැ. තවම ඒකට සූදානම් වෙමින් ඉන්නේ. 

ජීවිතයේ ජය ගත්ත දේවල්?

ප්‍රේක්‍ෂක ආදරය දිනාගෙන අද එයා හොඳ තැනක ඉන්නවා. එයා රංගනයට ඇවිත් ලොකු කාලයකුත් නොවෙයි. එයාට හොඳට රංගනය, නිවේදනය, නර්තනය මේ හැමදේම කරන්න පුළුවන්. එයා කාගෙන්වත් නරකක් අහලා නැහැ. 

අකිලට දුක හිතුණම?

එයා නිහඬයි ඒ වෙලාවට.

ලොකු සතුටක් දැනුණාම?

ගොඩක් සතුටින් ඒ ගැන කියනවා. 

තරහා ගියාම?

පොඩ්ඩක් බනිනවා ඉතින්.

යන්න කැමැතිම තැන?

විශේෂ තැනක් නැහැ. කොහේ හරි යන්න හිතුණොත් ඉතින් යනවා. 

ඔහු වැඩියෙන්ම ආදරේ කරන්නේ කාටද?

මම හිතන්නේ මට වෙන්න ඕන. 

අකිලට නැතිවම බැරි අය කවුද?

එයාගේ අම්මා, තාත්තා, අක්කා, මල්ලි, මම. ඒ කියන්නේ එයාගේ පවුල තමයි එයාට නැතිවම බැරි.

මොන වගේ විලාසිතාවලටද වැඩිපුර කැමැති?

එහෙම විලාසිතා ගැන වැඩිපුර හිතන්නේ නෑ. එයාට ගැළපෙන ලස්සන ඕනෑම විලාසිතාවකට එයා කැමැතියි. 

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය?

ජනප්‍රිය නළුවා සම්මානය දිනා ගත්ත වේලාව. ඒ වගේම එයාව කෙනෙක් අගය කළත් මොන දේ වුණත් මට එයා ගැන සතුටුයි. 

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?

එහෙම ඒවා නෑ.

හදිසියේ හරි එහෙම ආරංචියක්. ආවොත්?

එහෙම ආරංචි එන්නේ නැහැ කියලා විශ්වාසයි.

ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල්?

එයා බැඳීම්වලට ලොකු වටිනාකමක් දෙනවා. එයා පුද්ගලයන්ට හරිම ආදරෙයි. එයාලා ගැන ගොඩක් හිතනවා. මවුපියන්ට, යාළුවන්ට පවා ගොඩක් ලොකු තැනක් දෙනවා. 

ඔහු ඔබට දීලා තියෙන වටිනාම තෑග්ග?

එයාව තමයි එයා මට දීලා තියෙන වටිනාම තෑග්ග.

විනෝදාංශ මොනවාද?

ගේම් ගහන්න ගොඩක් ආසයි. ජිම් යන්නත් ගොඩක් කැමැතියි. 

ඔහුට ගැළපෙනම නිළිය කවුද?

එයා විවිධ අයත් එක්ක රඟපානවා. නර්තනයේ යෙදෙනවා. ඉතින් මට හිතෙනවා එයාට ඕනෑම කෙනෙක්ව ගැළපෙනවා. මොකද එයා ඕනෑම කෙනෙක් එක්ක සහයෝගයෙන් ලස්සනට වැඩ කරනවා.

 

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්
මව්බිම

Image result for akila dhanuddara pre shoot photos
Image result for akila dhanuddara pre shoot photos
Image result for akila dhanuddara pre shoot photos

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top