Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 16
333
Views
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියට සමගාමීව පැවති ලෝකයේ හොඳම දිරිගන්වන්නා තේරීමේ තරඟයේ රන් පදක්කම දිනාගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිරි ගන්වන්නෙකු ලෙස සිටින ගයාන් සේනානායක සමත්ව ඇති බව වාර්තා වනවා.

තම ජයග්‍රහණය සම්බන්ධයෙන් ගයාන් සිය නිළ ෆේස් බුක් පිටුවේ ද විශේෂ සටහනක් තබමින් දන්වා තිබෙනවා.

මෙම සුවිශේෂී තරඟය එංගලන්තයේ මැන්චෙස්ට හිදී ඊයේ පැවති අතර ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් නියෝජනය කරන දිරිගන්වන්නන් මෙයට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

ගයාන් සේනානායක පසුගිය කාල වකවානුවේ වැඩි වශයෙන් කතා බහට ලක්වූ චරිතයක් බවට පත් වුණේ ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිගේ විවහා මංගල උත්සවය සඳහා ඔහුට ලද විශේෂ ඇරයුමත් සමඟයි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top