Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 15
1,335
Views

ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය ලෙස එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර සදම්ටන්හිදී ඊයේ (14 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයින් මෝගන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

බටහිර ඉන්දීය දූපත් සමූහයට අයත් දූපතක් වන බාර්බඩොස්හිදී උපත ලද ක්‍රීඩකයකු වන නමුත් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන ජොෆ්රා ආචර් මේ වතාවේදී කොදෙව් පිල අමාරුවේ දැම්මේය. ඕවර 9 ක් යවමින් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත් ජොෆ්රා ආචර්ගේ පන්දු යැවීම හේතුවෙන් කොදෙව් පිල ලකුණු 212 කට දැවී ගියේය.

පිට පිටම පන්දු දෙකකදී නිකලස් පූරන් සහ ෂෙල්ඩන් කොට්රල් දවාගත් වේග පන්දු යවන්නා කොදෙව් පිල වෙනුවෙන් හුදෙකළා සටනක නිරතව සිටි ක්‍රෙග් බ්‍රැත්වෙයිට්ගේ ඉනිමත් හමාර කරමින් කොදෙව් පිලේ ගමන ලකුණු 212 දී නවතා දැමීය.

කිසිම අපහසුවකින් තොරව සිය ඉලක්කය කරා ගිය එංගලන්ත පිතිකරුවෝ කඩුලු 8ක ජයක් අත්කර ගත්හ.

ටෙස්ට් නායකයා මෙන්ම එක්දින පිලේ ආරම්භක පිතිකරුවාද වන ජෝ රූට් (නොදැවී 100) අගනා ශතකයක් ලබාගත් අතර පිතිකරු ලයිස්තුවේ උසස්වීමක් ලද ක්‍රිස් වෝක්ස් ලකුණු 40 ක් ලබාගත්තේය.

රූට් සහ වෝක්ස් අතර දෙවැනි කඩුල්ල සඳහා පැවැති සම්බන්ධතාව ලකුණු 104 කි.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top