Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 15
2,472
Views

ගොඩක් තරුණයෝ එයාලගේ පොකට් මනීවලින් කරන්නේ ගමන් බිමන් යන එක සහ ඇඳුම් ගන්න එකයි.

නමුත් Alex Macheras කියන තරුණයා නම් එහෙම කරන්නේ නෑ මොකද ඔහුට ආකාශ තරණය කරන්න ලැබෙනවා නොමිලේම. ඒ කියන්නේ කවුරුත් නොගිය අලුත්ම අලුත් ගුවන් යානා වල එහෙට මෙහෙට යන්න අවස්ථාව ඔහුට හිමි නිසා.
Alex Macherasගේ වයස තාමත් අවුරුදු 20 යි.

අලුතෙන් හදපු ගුවන් යානාවල පළමු පංතියේ ගමන් කරලා එකේ තත්ත්වය සහ සුවපහසුව ගැන පාරිභෝගිකයන් දැනුවත් කිරීම තමා මොහුගේ රාජකාරිය. කෙටියෙන්ම කියනවා නම් මොහු වැඩ කරන්නේ ගුවන් යානා නිෂ්පාදනය කරන සමාගමක.

ඉතින් ඒ සමාගමේ හදන අලුත් ගුවන් යානාවල පළමු පංතියේ ඉස් ඉස්සෙලාම යන්න වාසනාව තියෙන්නේ Alex Macheras ට.

එම ගුවන් ගමනේදී ඔහු හැමදෙයක්ම පරික්ෂා කරනවා, කෑම බීම, සැප පහසුව, ගුවන් සේවිකාවන්ගේ සැලකිල්ල වගේ දේවල්.

මේක ඔහුගේ ජොබ් එක ඒ වගේම ඔහු මේ ගැන සිය Instagram සහ Twitterගිණුම්වලත් පළ කරනවා.

Alex නම් කියන්නේ ඔහු මේ රැකියාව කරන්නේ ඉතාමත් සතුටින් කියලා මේ වගේ ජොබ් එකක් හම්බෙනවා නම් මොන දුකක්ද නේ මාසෙට මිලියන 5කට වඩා මුදලක් Alexට ලැබෙනවා.

වයස අවුරුදු 14දි ඔහු BBCSky News වල වැඩ කරලා තියෙනවා ලොව සුපිරිම ගුවන් සමාගමක හිමිකරු වන Richard Branson තමා ඔහුගේ වීරයා. ඔහු ඒ වීරයා ඇත්තටම හම්බෙන්න තරම් වාසනාවත් ලැබිලා.

මේ තරම් වාසනාවන්ත සැප කිසි කරදරයක් නැති මේ අපුරු ජොබ් එක කරන Alex තාමත් වයස 20ක පුංචි කොල්ලෙක්

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top