Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 15
363
Views


අවුරුදු 08 ක්‌ වයසැති බාල වයස්‌කාර දැරියකගේ සිරුර ස්‌පර්ශ කර අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවකු රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්‌ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා පසුගිය 12 වැනිදා නියම කළේය.

පත්තඬුවන ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි විවාහක සැකකරුට මෙසේ ඇප නියම වූ අතර නැවත ඔක්‌තෝබර් මස 16 වැනිදාට අධිකරණයේ පෙනී සිටින ලෙසට නියම කෙරිණි.

සැකකරු වින්දිත දැරියව බිය ගන්වා සැකකරුගේ නිවසට එම දැරියව රැගෙන ගොස්‌ අතවර කර ඇති බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සරල කරුණාරත්න මහතා පොලිසිය ගොනුකර තිබූ චෝදනා ප්‍රතික්‌ෂේප කරනු ලැබීය.

මිනුවන්ගොඩ- ටෝනි කරුණානායක
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top