Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 15
274
Views
ඩුබායිහීදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල සාමාජිකයින් පස්දෙනෙකු  දිවයිනට රැගෙන ආවා.
 
මෙම සැකකරුවන් අතර සිටින මොහොමඩ් මිල්හාන් නැමැත්තා වව්නතිව් හීදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුද වනවා.
 
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රබලයෙකු පිළිබද ඉන්දීය ආරක්ෂක අංශ සෞදි බලධාරීන් වෙත දැනුම්දීමෙන් පසුව එරට ආරක්ෂක අංශ විසින් අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළා.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබද මෙරට බලධාරීන්ට වාර්තාවීමෙන් පසු සැකකරුවන් මෙරටට රැගෙන ඒම සදහා පසුගිය 11 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගියා.
 
ඒ අනුව ඩුබායි ආරක්ෂක අංශ භාරයේ සිටි සැකකරුවන් පස් දෙනා මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ට භාරදී තිබෙනවා.
 
එම සැකකරුවන් අතරින් 30 හැවිරිදි හයාතු මොහොමඩ් අහමඩ් මිල්හාන් නැමති සැකකරු පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් සමීපතමයෙකු මෙන්ම එම ත්‍රස්ත කණ්ඩායමේ ප්‍රබලයෙකු බවයි තොරතුරු වාර්තා වන්නේ.
 
මොහු 45/5, FC පාර, නව කාත්තන්කුඩි 2 යන ලිපිනයේ පදිංචිව සිටි තිබෙනවා.
 
ඔහු සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයන් වන්නේ 522/B, සම්සම් පාර, මරදමුනෙයි 3 ලිපිනයේ පදිංචි 34 හැවිරිදි මොහොමඩ් මර්ෂූක් මොහොමඩ් රිලා, සහරාස් ගාර්ඩ්න්, වැල්ලම්පිටිය ලිපිනයේ පදිංචි 47 හැවිරිදි මොහොමඩ් මොහිදීන් මොහොමඩ් ෂන්වාස් ෂබ්රි, කඹුරඩි පාර, කාත්තන්කුඩි 01 ලිපිනයේ පදිංචි 29 හැවිරිදි මොහොමඩ් ඉස්මයිල් මොහොමඩ් ඉල්හාම් හා හිජ්ජාපුර, ඇල්ලවැව, කැබිතිගොල්ලෑව ලිපිනයේ පදිංචි 37 හැවිරිදි අබුසාලි අබුබකර් යන අයයි.

ඔවුන් අද අලුයම 4.30 ට පමණ UL 282 දරණ ගුවන් යානයෙන් මෙරටට රැගෙනවිත් තිබෙනවා.
 
සැකකරුවන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට රැගෙනවිත් ඇති අතර එහි උසස් නිලධාරියෙකු පැවසුවේ ඔවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බවයි.
 
මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව මෙහෙය වූ සහරාන් හෂීම් සමග සමීප සබඳතා පැවැත්වූ දෙදෙනෙකු මහනුවර හිඟුල ප්‍රදේශයේදී යුද හමුදාව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි මොහොමඩ් රාෆික් මොහොමඩ් රිස්මි සහ 42 හැවිරිදි මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් රිස්වාන් නැමැති සැකකරුවන් දෙදෙනායි.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව ඊයේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මේ අතර, අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන පුද්ගලයන් සොයා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය තමිල්නාඩු සහ කේරළ ප්‍රාන්තවල ස්ථාන 7 ක විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
 
එහිදී සහරාන් හෂීම් සමඟ ෆේස්බුක් ඔස්සේ සබඳතා පැවැත්වූ 32 හැවිරිදි මොහොමඩ් අසාරුදීන් නැමැත්තෙකු සහ තවත් පුද්ගලයින් 05 දෙනෙකු රැඳවුම්භාරයට ගෙන ඇති බව ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කළා.
 
සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ මොහොමඩ් අසාරුදීන් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ අයි.එස්. මතවාදයන් ව්‍යාප්ත කිරීමටත් එම සංවිධානයට තරුණ තරුණයන් බඳවා ගැනීමටත් උත්සාහ දරා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.


Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top