Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
691
Views
හැටන් දික්ඔය දරවල ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු 5 දෙනෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ. 

ගැටුමට සම්බන්ධ බාලවයස්කරුවන් 6 දෙනෙකු 25 වනදා දක්වා පරිවාස භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග ඛර තිබෙනවා. 

පසුගිය 9 වනදා දික්ඔය දරවල ක්‍රීඩාංගණයේදී පැවති ක්‍රිකට් තරගයක් නැරඹීමට පැමිණි කුඩා ළමුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාම හේතුවෙනුයි මෙම ගැටුම සිදුවී ඇත්තේ. 

ගැටුමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ  තත්වය බරපතල  වීම හේතුවෙන් ඔහු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා. 

මෙම ගැටුම සිදුවන ආකාරය ඒ ආසන්නයේ සවිකර තිබු CCTV කැමරාවක ද පටිගත වී තිබු අතර එම දර්ශන ඔස්සේ විමර්ශණ සිදු කිරීමෙන් පසුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ. 

මේ සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top