Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
1,528
Views
අද වෙනකම් ගෙදර හොඳ හැටි හැදුන කෙල්ලෙක් මම
බස් එකක නැගලා  යන්න බැහැ යකෝ

රුහුණු විශ්ව විද්‍යාල උපකුලපති සුජීව අමරසේනට එරෙහිව සරසවි සිසුවියක් කළ කතාවක් පිළිබඳ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ දක්නට ලැබෙනවා.

ඊයේ (13) රුහුණ විශ්වවිද්යාල පරිපාලනය ඉදිරිපිට මෙම විරෝධතා උද්ඝෝෂණය ක්‍රියාත්මක කර තිබුණා..

රුහුණ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා ලේකම් සහෝදරවරුන්ට ලබා දී ඇති අසාධාරණ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වහා හකුළා ගනු! අභූත චෝදනා නගා සරසවිය අඩපණ කිරීමට ගෙනයන උපකුලපතිගේ කුමන්ත්‍රණය තරයේ හෙළාදකිමු! යනුවෙන් පවසමින් මෙම විරෝධතාවය පැවැත්වුණා.

සරසවි සිසුවිය එහිදී පැවසුවේ මෙවැන්නක්...

"කැම්පස් එකට ආවේ ඉගෙන ගන්න ඒ වුණාට ඉගෙන ගන්න දුන්නද තොපි. ආපු දා ඉදන් කලේ කෙණහිළිකම්. අද වෙනකොට බස් එකක නැගලා  යන්න බැහැ යකෝ. තොපි කරලා තියෙන ඕනේ නැති කරුමක්කාර වැඩ හින්දා තොපේ කරුමය අපේ ඇඟ පිට වැටිලා යකුනේ. සහෝදරියනේ කතාකරපියව් බොරුද ? මෙච්චර කල් අපි බස්වල ගියා, ටවුමේ ඕන ඕන තැන්වල ඇවිද්දා, කොල්ලෙක් ඉස්සරහා කෙල්ලෙක් ඉස්සරහා කොන්ද පණ තියාගෙන කතාකරා. අද වෙද්දි ඒක පුළුවන්ද?. vc මහත්තයෝ තොපේ ළමයි නැද්ද.. කතාකරපියව්. අද වෙනකම් ගෙදර හොඳ හැටි හැදුන කෙල්ලෙක් මම. ඉස්කෝලෙත් හිටියා, ඊට වඩා හොඳ තැන්වළත් ඉඳලා තියෙනවා කොන්ද පණ ඇතිව. ඒ වුණාට VC මහත්තයෝ ඔහේ කියලා තියෙන කතා එක්ක මේ කෙල්ල ගැහැණියක් කියන තත්ත්වෙන් අනෙක් මිනිස්සු බලන් ඉන්නවා. ඒක කොච්චර ලැජ්ජාවක්ද නින්දාවක් කියලා දැනගන්න උඹත් ගෑනියෙක් වුනානම් කෙල්ලෙක් වුණානම් තේරෙයි".

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top