Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
737
Views
තමන්ට ඇති එකම ගැටළුව ගැන ශ්‍රී ලංකා නායක දිමුත් මුල්වරට පැවසූ කතාව මෙන්න "

ඉන්දියාව අනුකරණය කළ යුතු නැහැ - ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කියයි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් තරඟකාරීත්වයකින් යුතුව ක්‍රීඩා කළ යුතු අතර, එය ඉන්දියාව අනුකරණය කිරීමෙන් සිදුකළ නොහැකි බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා. 

ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු සඳහන් කළේ ඉන්දියාව හා සසඳන විට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් පෙන්නුම් කර ඇති කුසලතා සීමිත බවයි. 

සෑම තරඟයකදීම ශතකයක් ලබාගන්නා පිතිකරුවෙකු හෝ පැයට කිලෝමීටර් 140 ඉක්ම වූ වේගය සහිත පන්දු යවන්නන් දැන් ශ්‍රී ලංකා පිල සතුවන්නේ නැහැ. 

එහෙත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සුවිශේෂ වූ රිද්මයක් පවතින බව සඳහන් කළ දිමුත් කරුණාරත්න කියා සිටියේ කුසලතා එලිදක්වන්නේ නම් ශ්‍රී ලංකාවට ඕනෑම පිලක් පරාජය කළ හැකි බවයි.

තමාගේ නායකත්වය කණ්ඩායමේ සියළු ක්‍රීඩකයන් පිළිගන්නා අතර, තමාට ඇති එකම ගැටළුව පිතිකරුවෙකු ලෙස උපරිම දක්ෂතා දැක්වීම පමණක් බව දිමුත් කරුණාරත්න සඳහන් කළා. 

ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ ලෝක කුසලාන තරඟය හෙට ලන්ඩනයේ - කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර, එහිදී ශ්‍රී ලංකාව තරඟ වදින්නේ ප්‍රබල ඕස්ට්‍රේලියානු පිල සමඟයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top