Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
700
Views
මම යළි ක්‍රිකට් පිටියට පිවිසුණේ මගේ බිරියගේ හිතේ සවිය වාරුවට ගෙනයි. ඇය සහ දරුවන් වෙනුවෙන් යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කළ යුතුයැයි මම සිතුවා. ඇය සුවිශාල ශක්තියක්. එය සිතාගන්නත් බෑ. ඇය හරිම අධිෂ්ඨානශීලීයි, විනයානුකූලයි, තමන්ට වඩා අන් අය ගැන සැලකිලිමත්. ඇය කොට්ටය බදාගෙන සිටින්න ගිය මාව එතැනින් ඉවතට ගත්තා. 

මට තරග තහනම පැනවිලා මුල් සති දොළහ තුළ ඇයට එය කරන්න හැකි වුණා. ඊට පස්සේ මට ව්‍යායාම කරලා මහන්සිවෙලා පුහුණුවෙන්න ඇය මාව පෙලඹෙව්වා. ඒ වෙනුවෙන් ඈ මා දිහා බලාගෙන නියෝග කළා. ඒ නිසා අද මම යළි මෙතැන මේ විධිහට ඉන්නවා’යැයි ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසයි. පාකිස්තානය සමඟ පැවැති තරගයේදී ශතකයක් රැස්කළ ඔහු එම තරගයේ ජයහිමි කරගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වෙමින් මෙසේ පැවසීය.

තමන් යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට තෝරාගන්නේද නැද්ද යන්න ගැන කිසිදු අවබෝධයකින් තොරව පුහුණුවීම්වල නියැළුණු බව ඔහු ප්‍රකාශ කළේය.

‘මට අතීතය ගැන කතාකරන්න උවමනාවක් නෑ. දකුණු අප්‍රිකාවෙන් එද්දී මම ඔස්ට්‍රේලියාවේදී මාධ්‍ය හමුවක් පවත්වලා සංවේදීවී කියූ දේවල් යළි මතක් කළ යුතු නෑ. ඒ දේවල් සිද්ධ වුණා. ඒ ගැන මට දැන් කතාකරන්න දෙයක් නෑ. දැන් බලන්නේ ඉදිරිය ගැන පමණයි. අතීතය ගැන නොවෙයි’ ඩේවිඩ් වෝනර් වැඩිදුරටත් පවසා තිබේ.
Image result for dewid worner wife
Related image
Related image
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top