Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
607
Views
පසුගිය මාර්තු 15 වන දා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර දී මුස්ලිම් බැතිමතුන් 51 දෙනෙකු ඝාතනය කළ අන්තවාදී සුදු ජාතිකයා තමා නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. 

ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ක්‍රයිස්චර්ච් මහාධිකරණයේදී අද ප්‍රකාශ කෙරුණු අතර, අධි ආරක්ෂිත බන්ධනාගාරයක සිටින බ්‍රෙන්ටන් ටැරන්ට් ඊට සවන් දුන්නේ වීඩියෝ සම්බන්ධතාවයකින්. 

27 හැවිරිදි ත්‍රස්ත සැකකරුට එරෙහිව මිනී මැරුම් චෝදනා 51ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා 40ක් ද ගොනු කර ඇති අතර, මෙය නවසීලන්තයේ ප්‍රථම ත්‍රස්ත චෝදනා මත ගොනු කෙරුණු නඩු විභාගයයි. 

බ්‍රෙන්ටන් ටැරන්ට් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා තමා සියළු චෝදනාවලට නිවැරදිකරු බව ප්‍රකාශ කළ අතර, ඒ අනුව ලබන වසරේදී නඩු විභාගය පවත්වාගෙන යාමට ක්‍රයිස්චර්ච් මහාධිකරණය තීරණය කළා.

Image result for new zealand shooter
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top