Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
512
Views
ඇල්පිටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අතවරයක් කරන ලදැයි ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද එම රෝහලේ සේවකයාට එරෙහිව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා ගොනුව නීතිපතිවරයා වෙත යවන ලෙස ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා 11 වැනිදා නියෝග කළේය.
 
 සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මීට අදාළ නඩුව 2019 සැප්තැම්බර් මස 24 වැනිදා නැවත කැඳවන බවත් මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
 
 සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද ඇල්පිටිය මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය සහයකයකු ලෙස සේවය කරන ඌරන්වල, ඇල්ල, ඇල්පිටිය පදිංචි 40 හැවිරිදි සැකකරු මේ වන විට රුපියල් ලක්ෂයක ශරීර ඇපමත මුදාහැර තිබේ.
 
 ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ 09 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකි.
 
 ඇල්පිටිය මූලික රෝහලේ 02 වාට්ටුව භාර වෛද්‍ය නිලධාරීවරයා විසින් ඇල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ලිංගික අතවරයට ලක්ව ඇති සිසුවා උණ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත්ව 02 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ලිංගික අතවරයට ලක්ව ඇති බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සිද්ධිය වූ දින රාත්‍රී 12.00 ත් අලූයම 12.30 ත් අතර සිසුවා මුත්‍රා කිරීමට ප්‍රතිකාර ලබමින් සිටි 02 වාට්ටුවේ වැසිකිළියට ගිය අවස්ථාවේදී සැකකරු විසින් සිසුවා බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කොට ඇති බව ද ඇල්පිටිය පොලිසිය කියයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top