Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
697
Views

බොදුබල සේනාවට සම්බන්ධ ලිපි ලේඛන සහ පසුගිය දිනවල ලංකාවේ සිදුවුණු බෝම්බ පිපිරීම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා යොදාගත් බවට විශ්වාස කළ හැකි මුද්‍රණ කඩදාසි ළඟ තබාගෙන සිටියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මවුලවිතුමකු 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය පෙරේදා (12දා) නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූයේ කොච්චිකඩේ පෝරතොට ප්‍රදේශයේ පදිංචි යෙහෙය සිල්මි නමැති මවුලවිතුමකු බව කියයි.

මොහු කාන්තාවන් හතරදෙනකු විවාහ කරගත් දරුවන් 28 දෙනකු සිටින පියකු බව කියැවේ. පොලිස් පරීක්ෂණවලදී මෙම අය මවුලවිතුමකු බවද ස්ථිර රැකියාවක් නොකරන බවද අනාවරණය වී ඇත.

විදේශගතව සිට පසුගියදා (9දා) කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණි මොහු අතපසුවීමකින් තම අත තිබූ බෑගයක් ගුවන්තොටුපළේ දමා නිවෙසට ගොස් තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම බෑගය පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ඉකුත්දා (9දා) මොහු අත්අඩංගුවට ගෙන තිබිණි. එම බෑගය තුළ ඉහත ලිපි ලේඛන සහ මුද්‍රණ කඩදාසි තිබූ බව කියයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

 

මීගමුව - රේමන් අපෝන්සු

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top