Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 14
558
Views

දෙවන ලෝක යුද්ධ සමයේදී පෙමින් වෙලී සිට වෙන්ව ගිය යුවලක් ඉන් වසර 75කට පමණ පසු නැවත මුණගැසුණු අපූරු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දෙවන ලෝක යුද්ධ සමයේ ඇමරිකානු හමුදා සෙබලෙකු වූ එවකට 24 වියැති KT Robbins මේ වනවිට 97 වන වියේ පසුවන අතර  සහ ඔහුගේ ආදරය දිනාගත් එකල 18 වියැති Jeannine Ganaye මේ වනවිට වයස 92ක මිත්තනියක්. 

1944 වසරේ ලෝක යුද්ධ සමයේ හමුදා සාමාජිකයෙක්ව සිටි Robbins තම නිල ඇඳුම් සෝදා පිරිසිඳු කරගැනීමට කිසිවෙකුගේ සහය සොයමින් සිට ඇති අතර අවසානයේ Jeannineගේ මව විසින් එකට කැමැත්ත පලකර තිබෙනවා. මොවුන් දෙදෙනා මුණගැසීමට එලෙස මාර්ගය තනි ඇති අතර හමුවී වැඩි දිනක් යන්නට මත්තෙන් ඔවුන් ආදරවන්තයින් බවට පත්ව තිබෙනවා.

කෙසේ නමුත් යුද්ධයේ ව්‍යාප්තියත් සමග Robbins හට වෙනත් ප්‍රදේශයකට මාරුව යාමට සිදුව ඇති අතර ජීවත්ව සිටියහොත් නැවත පැමිණීමේ පොරොන්දුව පිට ඔහු තම පෙම්වතිය හැරගොස් තිබෙනවා. එලෙසම පෙම්වතියද කාලයක් පුර ඔහු එනතුරු පෙරමන් බලා සිටියත් කිසිදිනක ඔහු නැවත පැමිණ තිබුනේ නැහැ.  

යුද්ධයෙන් අනතුරුව වසර ගනනාවකට පසුව Robbins වෙනත් අයෙකු හා පෙමින් බැඳී විවාහ වී ඇති අතර මෙම පෙම්වතිය Jeannineද වෙනත් විවාහයක් කරගෙන තිබෙනවා. මව් වනවිට ඇය දරුවන් 5 දෙනෙකුගේ මවක්. 

කෙසේ නමුත් මෙම පෙම්වතා කිසිදින තමන්ගේ මෙම ප්‍රංශ ආදරය අමතක කර නැති අතර එකල ඔහු සතුව තිබූ තම පෙම්වතියගේ ඡායාරූපයක්ද වස්දර 75කට පසු ඔවුන් මෙලෙස යලි මුනහසෙන මොහොතේද ළඟ තිබීම සුවිෂේශිත්වයකි. 

 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top