Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
636
Views
ණය බරින් මිරිකී සිටි බිහාර් ප්‍රාන්ත ගොවින් දෙදහසකගේ ණය තුරුස් ගෙවා ඔවුන් ඉන් නිදහස් කිරීමට ප්‍රවීන ඉන්දීය නළු අමිතාබ් බච්චන් කටයුතු කර තිබෙනවා.

සිය බ්ලොග් අඩවියේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ “පොරොන්දුව ඉටු කළා. ණය නොගෙවූ බිහාර් ප්‍රාන්ත ගොවින් 2100 ක් තෝරාගෙන බැංකුව සමඟින් එකතු වී ඔවුන්ගේ ණය ගෙවා දැමුවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙක් කැඳවා ශ්වේතා සහ අභිෂේක්ගේ අතින්ම මුදල් ලබා දුන්නා,” යනුවෙනි.   

මේ ප්‍රවීන රංගන ශිල්පියා ගොවින්ට උපකාර කළ පළමු අවස්ථාව මෙය නොවේ. උත්තර් ප්‍රදේශ ගොවින් දහසකට වැඩි පිරිසකගේ ණය තුරුස් ගෙවා දැමීමට ද පසුගිය වසරේ දී ඔහු ක්‍රියා කළා.   

එසේම ඉදිරියේ දී තවත් පොරොන්දුවක් ඉටු කිරීමට ඇති බව 76 හැවිරිදි ඔහු සටහන් කර තිබෙනවා.

“රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ පුල්වමා ප්‍රදේශයේ විරුවන්ගේ පවුල් සහ බිරින්දෑවරු වෙනුවෙන් කුඩා ආර්ථික සහනයක් ලබා දෙන්න නියමිත යි.”
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top