Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
248
Views
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ සැකකරුවෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර් හි ස්ථාන 7 ක ඉන්දීය ජාතික විමර්ශන ඒකකය සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. 

මොහු මොහොමඩ් අසරුදීන් නැමති 32 හැවිරිදි අයෙක් වන අතර ඔහු තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතූර් හි සංචාරක සමාගමක හිමිකරුවෙක් බව සඳහන්. 

සැකකරුවෙකු සහරාන් හෂීම් සමඟ මුහුණු පොත  ඔස්සේ සබඳතා පවත්වා ඇති බවත්, ඔහු සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ අන්තවාදී අදහස් හුවමාරු කරගෙන ඇති බවත් ඉන්දියා ටුඩේ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. 

සැකකරු සතුව තිබී ජංගම දුරකථන 14 ක්, සිම්පත් 29 ක්, පෙන් ඩ‍්‍රයිව් 10ක්, ලැප්ටොප් 3 ක්, දත්ත රඳවන 6ක්, ඩොන්ගල් එකක් සහ සී.ඩී  හා ඩී .වී.ඩී . තැටි 13 ක් ඉන්දීය ජාතික විමර්ශන ඒකකය භාරයට ගෙන ඇති බවයි එම් වෙබ් අඩවිය සඳහන් කළේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top