Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
259
Views
මිනුවන්ගොඩ ප්‍රදේශයේ නොසන්සුන්කාරී සිද්ධියට අදාලව සිදුකළ විමර්ශණවලින් අනාවරණය වී ඇති කරුණුවලට අනුව පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. 

තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද ඉදිරිපත් කළ පෙත්සමක් බුවනෙක අලූවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය සහ පී‍්‍රති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවනු ලැබුවේ අද පෙරවරුවේයි.

එහිදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අදාලව පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණ පිලිබඳ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි. 

එම විමර්ශණ වාර්තා පරීක්ෂා කිරීමේදී මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් මෙම අවස්ථාවේදී සාක්ෂි මතු වී නොමැති බවද රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියා. 

එහිදී මධුමාධව අරවින්ද වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා විමර්ශණ කටයුතුවලට පූර්ණ සහය ලබාදීමට සූදානම් අතර අධිකරණයෙන් නොතීසියක් ද ලද විට එහි පෙනී සිටීමට සූදානම් බවයි. 

ඒ අනුව අදාල ප්‍රතිඥාව සටහන් කරගත් ශේ්‍්‍රෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අත්හිටුවීටම තීන්දු කළා. 

තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණා.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top