Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 13
1,199
Views
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) විසින් "zing" බේල්ස් වෙනස් කිරීම හෝ ඉවත් කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙනව.

ඉන්දියාවේ නායක විරාට් කෝලි සහ ඕස්ට්‍රේලියාවේ නායක ආරෝන් ෆින්ච් මෑතකදී LED විදුලි බුබුලු තියෙන "zing" බේල්ස් ගැන විවේචනය කළා විතරක් නොවෙයි පැමිණිලිත් කළා. මෙය මඟින් තුන්වන විනිසුරුගේ ක්‍රියාව පහසුවුවත් බොහෝ අවස්ථාවන් වල මෙය අසාධාරණයි කියලයි සමහර විචාරකයින් පවසන්නේ.

මේ වන විට ලෝක කුසලානයේ අවසන් තරග 13 කදී, කඩුල්ලේ පන්දුව වැදුනත් බේල්ස් වැටෙන්න නැතුව ගිය අවස්ථා 5ක් තිබුණා. ඉන් එක් අවස්ථාවක් තමා දිමුත් කරණාරත්න මුහුණ දුන්නේ. කඩුල්ලේ පන්දුව වැදුනත් ඔහුත් නොදැවී ගිය ක්‍රීඩකයෙක් වුණා.

මෙවැනි සිදුවීමක් වුණ ආසන්නම අවස්ථාව තමා ඩේවිඩ් වෝනර් භුක්ති වින්දේ. ඔහුට බුම්රා එවූ පන්දුවක් කඩුල්ලේ වැදුනත් බේල්ස් ඉවත් නොවීම නිසා නොදැවී ගිය ක්‍රීඩකයෙක් බවට පත් වුණා.

විචාරකයින් පෙන්වා දෙන්නේ මෙය පන්දු යවන්නන්ටත් ලොකු අවාසියක් කියලා.

"මෙම තරඟාවලියේ අවංකභාවය පාවාදීමට ඉඩ නොලැබෙන අතර අපි සියලූම තරග 48 කදී සියලු කණ්ඩායම් 10 සඳහා භාවිතා කරන උපකරණ සමානයි යනුවෙන් අයි.සී.සී. ස්කයිස්පෝට්ස් වෙත සඳහන් කර තිබෙනවා.

"පසුගිය සිව් වසර තුළදී ඒ කියන්නේ 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සහ ජ්‍යාත්‍යන්තර තරඟාවලිය සඳහා ICC ය මේ "zing" බේල්ස් භාවිතා කළා.

සාමන්‍යයෙන් "zing" බේල්ස් එකක් සාමාන්‍යයෙන් බේල්ස් එකකට වඩා තුන් ගුණයක් බරයි. ඉතින් මෙන්න මේ නිසා මේක ලොකු ප්‍රශ්නයක් වෙලා. කෙසේ වෙතත් ICC මෙය පිළිගන්නේ නෑ කියලා තමා අවසානයට අපි දැනගත යුතු වන්නේ.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top