Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
1,302
Views
දෙවැනි ලෝක යුද සමයේ දී වෙන් වූ ආදරවන්තයින් දෙදෙනකු මාධ්‍යවේදියකු ගේ මැදිහත් වීමෙන් යළි හමු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වසර 1944 දී ප්‍රංශයේ සේවය කළ අමෙරිකානු සොල්දාදුවකු වූ කාරා ට්‍රෝයි රොබින්ස් එවකට 18 
හැවිරිදි වියේ පසු වූ ප්‍රංශ යුවතියක වන ජීනයින් පියර්සන් සමග පැවැති ප්‍රේම සම්බන්ධතාවය හදිසියේම ඔහුට ආපසු අමෙරිකාවට යාමට සිදු වීමත් සමග ගිලිහී ගොස් තිබේ.

යුද්ධයෙන් පසු ඔහු ආපසු ප්‍රංශයට පැමිණෙනු ඇති බවට වූ විශ්වාසය මත ඇය ඉංග්‍රීසි භාෂාව උගෙන ගැනීමට ද පෙළඹී ඇති නමුත් ඔහු කලකට පසුව අමෙරිකාවේ දී විවාහ වී ඇත.

කෙසේ වෙත් මේ මස පැවැති යුද විරු සැමරුමට ප්‍රංශයට පැමිණි ට්‍රෝයි ප්‍රංශ මාධ්‍යවේදීන් කිහිප දෙනකු හමුවේ තමන් සතු ඇයගේ ඡායාරූපයක් පෙන්වා ඇය පිළිබඳව තොරතුරක් සොයා දෙන ලෙස ඉල්ලා තිබේ.

වසර 75 කට පසු ට්‍රෝයි- ජීනයින් දෙපළගේ මුණ ගැසීම ඉතා හැඟුම්බර වූ බවත්, මේ වන විට ඔවුන් දෙදෙනාම වැන්දඹුවන් වන බවත් ඔවුන් මුණ ගැස්වීමට මුල් වූ මාධ්‍යවේදියා සඳහන් කරයි.








Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top