Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
580
Views
මුළු ලෝකයම අද ISIS ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් බියෙන් ඉන්න බව අපි හැමෝම දන්නවා.

ඒ අමිහිරි ත්‍රස්තයන්ගේ මිලේච්ඡ බෝම්බ ප්‍රහාරයන්‍ට අපේම සහෝදර සහෝදරියන් එදා අප්‍රේල් 21 බිලි වුණ නිසා තවමත් කඳුලු අතරින් ජීවත්වන අපිට ඒ සිදුවීම ජීවිත කාලයටම අමතක කරන්න බැහැ.

මේ කියන්න හදන්නේ ලෝකයේ දරුණුතම ත්‍රස්ත සංවිධානයක් වන ISIS ට එලව එලවා පහර දෙන ඉස්ලාම් සටන්කාමියෙක් ගැනයි. 

ඔහු නමින් Ayyub Faleh al-Rubaie "අබු අස්රීල්" වන අතර ඉරාක ජාතිකයෙකු වෙනවා. 

Ayyub Faleh al-Rubaie කියලා ඔහුව ගොඩක් අය දන්නේ නම් නැහැ ඒකට හේතුව මෙයාට අන්වර්ථනාමයක් දීලා තියෙනවා. ඒ තමයි Angel of Death (මරණයේ දේවතාව) කියන නම.

වෘත්තියෙන් විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙක් වුණ ඔහු ISIS ත්‍රස්තයන්ට විරුද්ධවම තමයි සටන් බිමට ඇවිත් තියෙන්නේ. 

වාර්තාවෙන හැටියට ISIS ත්‍රස්තයන් 1500 වඩා පරලොව යවලා තියෙන මොහු අතේ හැම වෙලාවකම වගේ පොරවක්, පිහියක් වගේම තුවක්කුවකුත් තියෙනවා. 

තනිවම ISIS කඳවුරුවලට කඩා පනින මේ Angel of Death, ඒ බංකර් ඇතුලෙ ඉන්න ISIS ත්‍රස්තයෝ සමූල ඝාතනය කරනව කියල තමයි කියන්නේ.
 
ඉරාකයේ "Iraq Popular Mobilization Forces" හි වැඩ කරන මොහුගේ හමුදා නිලය Commander නිලය. 

2015 වසරේ යුරෝපයේ සහ ඇමරිකාවේ සමාජජාල මාධ්‍ය තුළ ඔහු ගැන වැඩි වැඩියෙන් කතා වුණා කියල තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top