Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
230
Views

විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළදි කිරි ඉබ්බෙකු ඇල්ලිමේ චෝදනාවට වරදකරුවන් වු සැකකරුවන් දෙදෙනෙකුට රුපියල් 90000ක (අනුදාහක්) දඩ මුදලක් නියම කිරීමට පුත්තලම අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන්. සිල්වා මහතා - (10) නියෝග කර තිබේ.

මෙසේ දඩ මුදල් නියම වුයේ යාපනය වානිප්පුරි කොළොම්බුරේ පදිංචි වයි. එන්. ජේයකුමාර් (51) සහ දෙහිවල පදිංචි කදිරමලේයි විනෝකරන් (43) නැමති කන්ටේනර් රථ රියදුරෙකුට සහ සහයකවරයකුට බව කියයි. විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ යාපනයට කන්ටේනර් ලොරි රථයකින් ගමන් කරමින් සිටියදි පෙරියවිල්ලුව තුළ සිටි වදවියාමේ තර්ජනයට ලක්ව ඇති දැඩි ආරක්ෂීත කිරි ඉබ්බේකු අල්ලා ලොරි රථයේ ඉදිරිපස කොටසේ සගවාගෙන රැගෙන යමින් සිටියදි මුල්ලිකුලම අඩවි වනජීවි කාර්යාලයේ නිළධාරින් විසින් 9 දින සවස අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනත උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එම සැකකරුවන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව අදාල සැකකරුවන් වරද පිලිගැනිමෙන් පසුව එක් අයකුට රුපියල් 45000 බැගින් දෙදෙනාට 90000ක දඩයක් නියම කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

එම දඩමුදලින් මුලින් රුපියල් 10000ක මුදලක් ගෙවිමට එකඟවිම හේතුවෙන් අදාල චුදිතයින් දෙදෙනාට ලක්ෂ දෙක බැගින් වු ශරිර ඇප දෙකක් නියම කර ඇප මත නිදහස් කිරිමට කටයුතු කළ මහෙස්ත්‍රාත්වරයා ඔක්තෝම්බර් 22 දින යලි ඉතිරි මුදල් ගෙවිමට සැකකරුවන්ට නියෝග කළේ ය.

විල්පත්තුව ජාතික වන උද්‍යානයේ මුල්ලිකුලම පිවිසුම් අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂක එච්.ඩි. ජානක ජීවන් හපුආරච්චි මහතා සමග වන සත්ව නියාමක ඩබ්ලියු.ටි.එස්.යු.බොතේජු, කේෂත්‍ර සහායක කේ.පි.ආර්. කුමාර යන නිලධාරින් විසින් වැටලිම සිදුකර තිබුණි.

කීර්ති ශ්‍රී බඹරබැද්ද

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top