Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 12
824
Views
සොහොයුරු පෙම නිමා කරමින් අයියා එල්ලී මියගිය ගස ලඟට ගිය මල්ලී කරගත් අපරාධය (ඡායාරූප සහිතයි) "

වසර දෙකකට පෙර තම සොහොයුරා ගෙළවැලලාගෙන මියගිය ගසෙහිම එල්ලී මියගිය තරුණයෙක් පිළිබඳව හදවත් කම්පා කරවූ පුවතක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන මියගොස් ඇත්තේ මුලතිව් සෙම්මාලේ නැගෙනහිර කොටසේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

ගම්වාසීන් විසින් එම අවස්ථාවේ තරුණයා රෝහල්ගතකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බවයි.

සිය නිවස ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක් ආසන්නයේ පිහිටි මෙම ගසෙහිම ගෙළවැලලාගැනීමෙන් මෙම තරුණයාගේ වැඩිමල් සොහොයුරෙකු මීට වසර දෙකකට පෙර මියගොස් තිබෙනවා.

එම තරුණයා සහ මීට පෙර මියගිය ඔහුගේ සොහොයුරා අතර දැඩි සහෝදර ප්‍රේමයක් තිබූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

සොහොයුරාගේ වියෝවෙන් පසු දැඩි කම්පනයකට ලක්ව සිටි මෙම තරුණයා සිය දෙමව්පියන් සමඟයි එම නිවසේ වාසය කර ඇත්තේ.

මියගොස් ඇති තරුණයාගේ ඥාතීන් පවසා ඇත්තේ මෙම තරුණයා සිය සොහොයුරා සියදිවි හානිකරගත් ගස ආසන්නයට නිතරම ගොස් ඒ ආසන්නයේ රැඳී සිටිනු දැක තිබෙනවා.

පොලිසිය පවසන්නේ එම ප්‍රදේශය තුළ ගෙවුණු වසර තුළ පුද්ගලයන් තිදෙනෙකු සියදිවි හානිකගෙන මියගිය බවයි.

කෙසේ වෙතත් මුලතිව් පොලිසිය පවසන්නේ මෙම තත්වය මඟහරවා ගැනීම සඳහා ප්‍රජා පොලිස් ඒකකය හරහා ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.





(ඡායාරූප - දිනසේන රතුගමගේ)(ඡායාරූප - දිනසේන රතුගමගේ)
(ඡායාරූප - දිනසේන රතුගමගේ)
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top