Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 11
882
Views
සල්මන් ඛාන් මේ වන විට ජීවිතයේ අර්ධ ශතකයත් පසු කර ඇති අයෙකි. ඔහු තරම් පෙම්වතියන් ඇසුරු කළ තවත් නළුවෙක් ක්ෂේත්‍රයේ නැත. එහෙත් ඔහු තවමත් අවිවාහකය.

‘‘ඇයි තවමත් බඳින්නෙ නැත්තෙ..?’’

භාරත් චිත්‍රපටියේ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදි ඔහුගේ සහාය නිළිය කත්‍රිනා කායිෆ් විමසූ පැනයට ඔහුට පිළිතුරක් තිබුණේ නැත. ඔහු සිනාසී වටපිට බැලූවා පමණකි.

‘‘ඔයා මගෙත් එක්ක විවාහ වෙනවද කියලා ගෑනු ළමයෙක් කවදාවත් ඔයාගෙන් අහලා නැද්ද..?’’

තවත් තැනකදී මාධ්‍යවේදියෙක් ඔහුගෙන් විමසීය.

‘‘ඇත්තටම නෑ.. ඒක ගැන නම් මට දුකයි..’’

ඔහු සිනාසී පැවසුවේ විහිළුවට ද, ඇත්තටමදැයි කියා දන්නේ ඔහුම පමණකි. සමාජ වෙබ් අඩවිවල ගැහැනු ළමයින් විසින් ඔහුට එවනු ලබන විවාහ යෝජනා ගැන ඇතැම් විට ඔහු නොදන්නවා විය යුතුය.

භාරත් චිත්‍රපටිය ජූනි 5 දා තිරගත වෙන්නට නියමිතය. ඉන් පසුව ඔහු ඩබාන්ග් 3 සහ ඉන්ස්හල්ලා චිත්‍රපටි සමඟ කාර්යබහුල වෙනවා ඇත. ඉදින් ඔහුට විවාහයක් ගැන සිතන්නට කාලයක් තිබේද..?
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top