Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 11
1,526
Views
තංගල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක ඉගෙනුම ලබන සිසුවෙකු ගේ පාසැල් බෑගයක් තුළ සිටි නාගයෙකු දෙමාපියන් විසින් අල්ලා ඊයේ (10) දහවල් පාසැල් භූමියෙන් ඉවත් කොට තිබේ.

අදාළ පාසැලේ විවේක කාලයේදී පාසැල් සිසුවෙකු තම ආහාර ඇසුරුම පාසැල් බෑගයෙන් පිටතට ගැනීමට සූදානම් වීමෙන් අනතුරුව සර්පයෙකු අතට හසු වී තිබේ. අනතුරව සිසුවා ඒ බව පන්තිය භාර ගුරුවරයාට දැනුම් දී තිබේ. ක්ෂණිකව පාසැල් බෑගය අගුලූ දමා ඇති ගුරුවරයා බෑගය පන්ති කාමරයෙන් පිටතට ගෙන පාසැලේ ආරක්ෂාවට සිටි දෙමාපියන්ට බාර දී තිබේ.

දෙමාපියන් විසින් පාසැල් බෑගය පරීක්ෂා කිරීමේදී අඩි 03ක් පමණ නාගයෙකු පාසැල් බෑගයේ සිට ඇති අතර දෙමාපියන් එම නාගයා ආරක්ෂිතව පාසැල් භූමියෙන් ඉවත් කොට තිබේ.
 
 
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top