Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 11
1,133
Views
10 හැවිරිදි වියේදී සෞදි පාලනයට එරෙහිව විරෝධතාවකට එක්වී අත්අඩංගුවට පත් තරුණයෙකුට මරණ දඬුවම ලබා දීමේ සූදානමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වන විට 18 හැවිරිදි වියේ පසුවන එම තරුණයා පිළිබඳව ලෝක බලධාරීන්ගේ අවධානය යොමුවී අවසන්ය.

පා පැදිවල නැගුණූ පිරිමි ළමුන් පිරිසක් මෙලෙස මාර්ගයට අවතීර්ණ වන්නේ, රජයට එරෙහි විරෝධතාවකට සහය පළ කරමිනි.

ළමුන් 30 දෙනෙකුගෙන් සමන්විත වූ මේ කණ්ඩායමට නායකත්වය දුන් මර්ටාජා කුරීරීස් එවකට 10 හැවිරිදි වියේ පසුවුණි.

මෙම විරෝධතාවයේදී ඔහු හඬ නගන්නේ සෞදි රජයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිවයි.

මේ උද්ඝෝෂනයෙන්, වසර 3කට පසුව ඔහු අත්අඩංගුවට ගැනීමට සෞදි බලධාරීන් කටයුතු කළේය.

එවක ඔහුගේ වයස අවුරුදු 13ක්.

දෙමව්පියන් සමඟ බහරේන් රාජ්‍යය වෙත යමින් සිටි අතරවාරයේ දේශ සීමා ආරක්ෂකයින් විසින් ඔහු අත්අඩංගුවට ගෙන සිරගත කරන්නේ, සෞදි අරාබිය තුළ සිරගත වූ ලාබාලම සිරකරුවා ලෙසිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වන විට වයස අවුරුදු 18ක් වන මර්ටාජා කුරීරීස්ට සෞදි රජය මරණ දඬුවම ලබාදීමට සූදානම් වන බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top