Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 11
480
Views
කිරිගිස්ථානයේ පැවැත්වෙන කලාපීය සමුළුවට සහභාගිවීම සඳහා යාමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පාකිස්තාන ගුවන්තලය හරහා ගමන් කිරීමට අගමැති ඉම්රාන් ඛාන්ගේ රජය අවසර ලබාදී තිබෙනවා. 

ජුනි 13 වන දා සහ 14 වන දා බිෂ්කෙක් නුවර පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා මෝදිගේ ගුවන් යානයට පාකිස්තාන ගුවන් තලය භාවිත කිරීමට අවසර ලබාදෙන්නැයි ඉන්දියාව නිළ වශයෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා. 

ඒ, පසුගිය පෙබරවාරි 26 වන දා ඉන්දීය ගුවන් හමුදා යානා බලකොට් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු පාකිස්තානය සිය ගුවන් තලය වසා දැමීම හේතුවෙන්.

ඉන් පසු ඔවුන් විවෘත කර තිබුණේ දකුණුදිග පාකිස්තානය හරහා පවතින ගුවන් ගමන් පථ දෙකක් පමණයි. 

ඉන්දීය ඉල්ලීමට අනුමැතිය ලබාදුන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සඳහන් කර ඇත්තේ දෙරට අතර සාම සාකච්ඡා ආරම්භ කිරීම සඳහා ද ඉන්දියාවෙන් එකඟත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top