Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 11
428
Views
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුර ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය දෙදෙනා 36 සහ 38 යන වයස්වල පසුවූ කාන්තාවන් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාල ත්‍රිරෝද රථය මීටර් 350ක පමණ ප්‍රපාතයකට පෙරලී මෙම අනතුර සිදුව තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයෙහි පුද්ගලයින් 06 දෙනෙකු ගමන් කර ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

ත්‍රිරෝද රථයේ රියදුරුට එය පාලනය කර ගත නොහැකි වීමෙන් ඊයේ (10) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. 

තුවාල ලැබූවන් 04 දෙනා බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල ප්‍රතිකාර ලබන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. 

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top