Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 07
3,261
Views

ලෝක කුසලාන තරගාවලියේ  10 වැනි තරගය ලෙස නොටින්හැම්හිදී ඊයේ පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 15 ක ජයක් හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. 

නේතන් කූල්ටර්නයිල් (92) සහ ස්ටීවන් ස්මිත්ගේ (73) පිතිහරඹයත් මිචෙල් ස්ටාර්ක්ගේ (46/5) පන්දු යැවීමත් හමුවේ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය වුණා.

මිචෙල් ස්ටාර්ක්ගේ පන්දු යැවීම හමුවේ ජයග්‍රහණය සඳහා ලකුණු 289 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 273 ක් පමණි. ඕවර 10 ක් යැවූ ස්ටාර්ක් එක් නිලකුණු ඕවරයක් සමගින් ලකුණු 46 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය.

ෂායි හෝප් සහ නායක ජේසන් හෝල්ඩර් අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය. ෂායි හෝප් පන්දු 105 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 68 ක් රැස්කළ අතර ජේසන් හෝල්ඩර් පන්දු 57 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළේය.

මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන්ගේ නිසි සහයෝගය නොලැඹීම හේතුවෙන් කොදෙව් කණ්ඩායමෙන් ජයග්‍රහණය ගිලිහීයාමට හේතුවිය.

කාසියේ වාසිය දිනූ කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ඕවර 49 කදී සියලුදෙනා දැවී ලකුණු 288 ක් රැස්කිරීමට සමත්විය.

කෙසේ වෙතත් ක්‍රිස් ගේල්ගේ දැවී යාම ගැන මේ වන විට ලොව පුරා කතා බහට ලක්වී තිබෙනවා. ක්‍රිස් ගේල් දැවීයාමට පෙර මිචෙල් ස්ටාර්ක් දැමු පන්දුව නිපන්දුවක් වන අතර ඒ අනුව ක්‍රිස් ගේල් දැවී ගිය පන්දුව Free Hit එකක් බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top