Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 04
2,095
Views
බෘෘස් ලී’ නමැති සටන් ශූරයා අප අතර දැන් නැතත් ඔහු ගැන තවමත් කතා කරන තරමට ඒ නාමය අමරණීයය. ඔහු අදහාගත නොහැකි තරමේ සටන් බලයක් හිමි ජවයකින් යුතු තරුණයකුව සිටියදීම ජීවිතයෙන් සමුගත්තේ එම මරණය පිළිබඳ ලෝකයට අබිරහසක් ඉතිරි කර තබමිනි. බෘෘස් ලී මිය යන විට සිනමා නළුවකු වශයෙන් අති සාර්ථක ගමනක නිරත වී උන්නේය. සටන් පමණක් නොව සටන් ඇසුරින් සැකසූ බටහිර චිත්‍රපටවලින් ඔහු ලෝකයේම ආදරය දිනා සිටියේය.

බෘෘස් ලී සෙසු නළුවන්ට හා සෙසු සටන්කරුවන්ට වඩා සුවිශේෂී වන්නේ ඇයිද යන්න අද බොහෝ දෙනා කතා බහ කරන දෙයකි. ඒ තරමටම ඔහු පූර්ණ වීමට හේතුවුණු සුවිශේෂතා රැසක් තිබේ. වෘත්තීය වශයෙන් රඟපෑම තෝරා ගත්තේ නැති වුණත් ඔහු ලෝක පූජිත වුණේ සටන් ඇතුළත් රඟපෑම නිසාමයි. බෘෘස් ලී ගැන ලියැවුණු පතපොතට අනුව ඔහු සුවිශේෂී වූ සටන් ගුරුවරයෙකි. මනෝවිද්‍යාව හැදෑරූ ඔහු ඒ පිළිබඳ උපාධියකට හිමිකම් කීවේය. එය සටන් කලාවට මහත් ආභරණයක්ම විය. ලේඛන හැකියාවක්ද තිබුණු ඔහු ‘චාචා’ නම් නර්තන කලාවෙහි ප්‍රවීණයෙකි. අපූරු හැකියා ඇත්තෙකි. ඔහු දැනුමැති දැනුවත් බවකින් ක්ෂේත්‍රයේ වැජඹුණේය.

ඔහුට ලොවට නව ආරක අපූරු නිදහස් සටන් කලාවක් දායාද කළේ මෙම පසුබිම යටතේය. එය බ්ඥඥබ ම්භදඥ ච්ධ නමින් අදටත් ගෞරවාදරයට පාත්‍ර වන සටන් කලාවකි. ඊට සටන් ක්‍රම සමුදායක් එකතු වී තිබුණු බැව් මේ පිළිබඳ හැදෑරූ, විශ්ලේෂණය කළ ප්‍රවීණයන් පවසා ඇත. ඒ අනුව කරාටේ, කුන්ග්ෆු, ෂැඔලින් කුන්ග්ෆු, ටයිකොන්ඩෝ, බොක්සිං, වින්ග් චුන් කුන්ග් ෆු වැනි සටන් ක්‍රම රාශියක් අනුව සකසා ගත් බෘෘස්ලී ඒවා දැඩි විනයක් හා මානසික ඒකාග්‍රතාවක් අනුව පුරුදු පුහුණු කර ලෝකයට දායාද කළේය.

“ඔහුගේ සටන් ක්‍රමය සාම්ප්‍රදායික සටන් ක්‍රමයක් නොව භාවනාවෙන් ලබාගන්නා අතිශය සන්සුන් ඉඳුරන් සහිත ඒකාග්‍රතාව මත හිඳ ක්‍රියා කරවන්නක්. සතුරාට හිතන්නවත් ඉඩක් නොතබා නිවැරැදිව පහර දෙන කලාවක්. හරියට විදුලියක් වගේ වේගවත් බලවත්”

ඔහු පිළිබඳ ගෞරවයෙන් සටහන් තබන බොහෝ දෙනා පවසන්නේ එවැන්නකි. බෘෘස් ලීගේම අදහසට අනුව නම් මෙය,

“එය සැබැවින්ම දර්ශනයක් වගෙයි. සියුම්, තියුණු වේගවත් නිවැරැදි දෙයක්. පහරදීම හෝ පහරකින් ආරක්ෂා වීමකට එහා ගිය සටන් කලාවක්” ය යනුයි. පැය අටක් දිනකට නිශ්චිතවම ලී සටන් පුහුණුවීමට යොදා ගත්තේය. ඊට අමතරව ඒ සඳහා අත්‍යවශ්‍යම මානසික ඒකාග්‍රතාව උදෙසා භාවනා කළේය. එය ඔහුගේ මුල් අවධියේ පටන් මරණය තෙක් සිදුවුණේය. ඔහු ජීවිතයේ එක් වතාවක් පමණක් එනම් තමන්ට වයස අවුරුදු දහහතරෙහිදී පමණ වීදි සටනකදී ප්‍රතිවාදියකුගෙන් පහර කෑමකට ලක්වූ දා සිට තමන් තුළින්ම උපදවා ගත් සටන් ශෛලියක් වෙනුවෙන් කැපවූ අතර ඉන්පසු කිසිදු දිනයක ප්‍රතිවාදියකුගෙන් පහර කෑවේ නැත.

ඔහු සටන් පුහුණුවේදී සෙසු අය මෙන් නොව යකඩයෙන් තැනූ අනුරුවක් සාදා ගත්තේය. එසේ නොවුණහොත් වෙනත් අනුරුවක් වී නම් ලීගේ ප්‍රහාර හමුවේ ඒවා බිඳී ගියේය. 

ඒ තරමටම ලීගේ පහර විදුලිය මෙන් වේගවත් වූයේය. ලීගේ පහරක වේගවත් බව පිළිබඳ කෙටි දැක්වීමක් මෙසේය.

“බෘෘස් ලීගේ පහර දීමේ වේගය පියවි ඇසින් දැකිය නොහැකි තරම්. තත්පරයක කාලයක් තුළ ඔහුට ප්‍රතිවාදියා වෙත අතින් ප්‍රහාර නවයක් එල්ල කළ හැකියි. තත්පරයකදී පා පහර නවයක් එල්ල කළ හැකියි. එය තවමත් ලෝක වාර්තාවකි”

බෘෘස් ලී හදිසියේම ලොවම කම්පා කරමින් මිය ගිය වහාම පැතිරගිය ආරංචිය වූයේ...

“මේ මරණය අබිරහස් එකක්. ඔහු අභියෝගයක් වුණා. ඒ නිසාම ඔහුව ඉතා උපායශීලීව මරා දමන්නට සැලසුම් කෙරුණා” යන්නය. 

එහෙත් මරණ පරීක්ෂණ වාර්තාවේ තිබුණේ ලීගේ මොළය යම් පහරක් වැදීම නිසාවෙන් ඉදිමීමකට ලක්ව තිබීමෙන් මිය ගිය බවය. තවත් මතයකට අනුව 1973-05-10 දින ලී ඇද වැටීමක් නිසා මොළයට සිදුවූ සුළු තුවාල නිසාවෙන් මරණයට පත්වූ බවයි. එදින රෝහල්ගත කළ ලී අපස්මාර තත්ත්වයක් තිබුණු නිසා ප්‍රතිකාර ලබාදී තිබිණි. තදබල හිසේ කැක්කුම නිසා රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සුවය ලබා ඉන් පිටත්ව ගියද යළි හිසේ තදබල කැක්කුමක් නිසාවෙන් ලබාගත් ඔෟෂධ නිසා එහි යම් අසාත්මිකතාවක් නිසා ඔහු මිය ගිය බවත් වෛද්‍යවරු පවසා ඇත.

තවත් මතයක් වන්නේ චීනයේ ට්‍රයඩ් නම් සංවිධානය ලීගෙන් කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර එය ලබා නොදීම නිසා එම සංවිධානය ලී ව ඝාතනය කර සැලසුම් සහගතව එම සිදුවීම සඟවා තබා පසුව ප්‍රකට වීමට ඉඩ හැරි බවය. මෙය තවමත් කතා බහට ලක්වෙන, අලුත්වෙන මාතෘකාවකි.

තවත් මතයකට අනුව චීන පාරම්පරික සටන් කලාව ලී විසින් බටහිරට නිරාවරණය කළ නිසා එයින් චීන සංස්කෘතියට හානියක් වීම නිසා චීන ආත්මාරක්ෂක සටන්කරුවන්ගේ ගොදුරක් බවට ලී පත් වුණා යැයිද කියැවේ. පාරම්පරික චීන රහස් සටන් කලාව ලෝකයට විවෘත වීම ලී නිසා සිදුවූ බවට අදහන චීනුන් තවමත් සිටීම නිසා එම මතයද ප්‍රබලය. 

එහෙත් හොංකොංවල ප්‍රකට මතය වන්නේ ලී විසින් සිනමා අධිකාරයක් ගොඩනැඟීම නිසා ඉතාලි මාෆියාවක් විසින් මෙම ඝාතනය සිදු කළ බවය.

චීනය මෙම ඝාතනයට ප්‍රමුඛ බව බොහෝ මතයන් අනුව පෙන්නුම් කරන්නකි. එහෙත් ඔහු ශරීරයට දරාගන්නට බැරි තරම් දරුණු පුහුණුවීම්වල නිරතවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම මරණය පසුකාලීනව සිදුවූ බවක්ද කියැවේ.

1940-11-27 දින උපත ලබා වයස අවුරුදු 32දී ඉතා කෙටි කාලයක් ජීවත් වී මෙලොවින් සමුගත්තේය. බෘෘස් ලී තමන් අවසන් වතාවට නිමාවට පත්කොට තිබුණු  Enter the Dragon  චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නට ප්‍රථම මියයෑම ලෝකයම කම්පා කළ තවත් සිදුවීමකි. කෙසේ වෙතත් බෘෘස්ලී ගැන විකාර කතා ලියැවුණු වාර අනන්ත වුවත් මේ සටන් නළුවා සෙසු සටන් නළුවන්ට වඩා තවමත් ගෞරවාදරයට පාත්‍ර වන්නේ ඔහු ලොවට දායාද කළ ඒ අපූර්ව සටන් සම්ප්‍රදාය නිසාවෙනි. 

ලී වැනි අය තැනින් තැන බිහි වුණත් බෘෘස් ලී වගේ වෙන්නට ඒ කාටවත් බැරි විය. ඒ අනුව කාඩ්බෝඩ් ලී ලා සිටියත් සැබෑ ලී සදාකාලික වන්නේ ඒ අර්ථයෙනි.

සුලක්ඛන ජයවර්ධන
Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2019 rategossip.com
Top