Rate Gossip, Rate news, Gossip Lanka News | RateGossip | Rate Gossip | Rate Gossip Official Web Site | Gossip Lanka

2019 June 04
2,243
Views
පිරිසිදුකම මිනිසාගේ ජිවිතේ ට කොයි තරම් වැදගත් ද? මිනිසෙකුගේ පෞරෂ්‍යත්වය මනින ඒකකයක් බවටත් මේ පිරිසිදුකම පත් වෙලා තියෙනවා.

ඒත් මේ කියන පුද්ගලයාට නම් ඔය කිසිම දෙයක් අදාල නෑ. මොකද ඔහු තමයි ලෝකයේ අපිරිසිදුම පුද්ගලයාට හිමි ස්ථානය දිනාගෙන සිටින්නේ.. ඔහු ඉරාන ජාතිකයෙක් නමින් Amou Haji.
හජී තාම තනිකඩයි, එයා ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්නේ එයාට නැදෑයෝ යාළුවෝ කාරුවත් ම නෑ. කොහොම වුනත් හජීගේ ආදරය දිනා ගන්න කෙනාට නම් එයාගේ අමුතුම ආකාරයේ ජිවිතයටත් හැඩ ගැහෙන්න නම් වෙනවා. හජී අවුරුදු 60කට වැඩි කාලයක් තිස්සේ කිසිදු පිරිසිදුවීමක් කරගෙන නම් නෑ. හජීට දැන් වයස 80කට ටිකක් වැඩි. එයා කියන විදිහට අවුරුදු 20 දී එයා පිරිසිදු වුනාට පස්සේ තාමත් කිසිදු පිරිසිදු කිරීමක් එයා කරගෙන නෑ. හජී ට අනුව එයා පිරිසිදු වුනොත් එයාව ලෙඩ වෙනවා කියලා එයා කියනවා.. ඒ වගේ ම වතුර ඔලුවට දා ගන්නකොට දැඩි හිසරදයක් ඇති වෙනවා කියලාත් එයා කියනවා. සමහර අය කියන විදිහට නම් අමොව් හජී කියන්නේ ලෝකයේ ඉන්න වාසනාවන්තම පුද්ගලයාලු.. මොකද කාගෙන්වත් එයාට කරදරයක් නෑ, ගොඩාක් නිදහසේ ජිවත් වෙන නිසා.
හජී ට නිවසක් නෑ එයා ඉන්නේ නිකන් හිස් භූමියක නිදා ගන්න යොදා ගන්නේ බිම හාර ගත්ත වලක්. හජී දුම් බීමට ලොකු ප්‍රියතාවයක් දක්වනවා.. ඒ නිසා එයා දුම්බිමට වෙනම දුම්පයිප්පයකුත් යොදා ගන්නවා.
හැබැයි සාමන්‍ය දුම්වැටි වලට වගේ එයා දුම්කොළ නම් පාවිච්චි කරන්නේ නෑ.. එයා ඒකට යොදා ගන්නේ සත්තුන්ගේ මළ ද්‍රව්‍ය වේලලා අරගෙන ඒ කොටස් තමයි දුම්විදිහට එයා පානය කරන්නේ ඒ වගේම හජීට හොද දුම්වැටි හම්බුනාම එයා එක සැරේ දුම්වැටි 5-6ක් දල්වාගෙන පානය කරනවා.. සීත කාලයට එයා ළග තියෙන අපිරිසිදු රෙදි කැබිලි වලින් ඇග වහගෙන කම්කරුවන් පලදින හිස් වැසුමක් දාගෙන එයාගේ වල ඇතුලට වෙලා කාලය ගත කරනවා. වහින දවස් වලට නම් එයා වෙනම ආවරණයක් සහිත තැනකට යනවා.. හජී කොයි තරම් අපිරිසිදු වුනත් එයාගේ පෙනුම ගැන නම් ගොඩාක් සැලකිලිමත් වෙනවා. කුඩා කණ්ණාඩි කැබැල්ලක් එයා ළග තියාගෙන ඉන්නේ.. කොණ්ඩේ රැවුල වැඩි වුනු වෙලාවට එයා පත්තු කරන ගිණි ගොඩේ ගිනි පන්දමක් කරගෙන වැඩි කොණ්ඩය පුළුස්සා දමනවා.
දිනක් තරුණ ළමයි පිරිසක් හජීව හොයාගෙන ආවා.. ඒ විශේෂ යෝජනාවක් අරගෙන.. එයාට නාන්න පිරිසිදු වෙන්න හොද අවස්ථාවක් හදලා දෙන්න.. ඒත් මේ මනුස්සයා එතනින් හෙමින් සිරුවේ පලා ගියා කියලා සදහන් වෙනවා.. සමහර ඉරාන මාධ්‍ය වාර්තා අනුව නම් හජී තරුණ කාලයේ දැඩි දුක්ඛිත තත්ත්වයකට මුහුණ දෙන්න ඇති කියලා කියනවා.. ඒ නිසා එයා මේ වගේ ජිවිතයක් ගත කරනවා ඇති කියලා විශ්වාස කරනවා.. නමුත් හජී ගැන ගොඩාක් තොරුතුරු එයාගේ ජිවිතේ කතාව වගේ ගොඩාක් තොරුතුරු වාර්තා වෙන්නේ නැති තරම්.කොහොම වුනත් හජී කෙතරම් අපිරිසිදු වුනත් එයාගේ සෞඛ්‍ය ගැන එයා හිතනවා ඒ නිසාම දිනකට ජලය ලීටර් 5ක් පමණ පානය කරනවා කියලා සදහන් වෙනවා. කොහොම වුනත් එයා ඒ වතුර බොන්න භාවිතා කරන්නෙත් ඉතා අපිරිසිදු තෙල් දමන කුඩා බූලියක්.. හජී කිසිම අවස්ථාවක පිරිසිදු කෑමද අපිරිසිදු කෑමද කියලා හොයලා බලන්නෙත් නෑ කියලා සදහන් වෙනවා.. හජීට ලෝකය ගැන කිසිම සැලකිල්ලක් නෑ, එයා ගණන් ගන්නේ නෑ දේශපාලනයවත් අනිත් කිසිම දෙයක්වත් හරිම නිදහස් ජිවිතයක් එයා ගෙවනවා. හජීට කිසිම ආකාරයක දුක් වෙන්න හේතුවක් නෑ මොකද එයාට නැති වෙන්න කිසිම දෙයක් නැති නිසා
හජීට කිසිදු මානසික අබාධයක් හෝ වෙනත් කිසිදු ආකාරයක රෝගයක් නැති බවයි තව දුරටත් සදහන් වෙන්නේ.. ඒත් එයා ගොඩාක් හැගිම්බර වෙනවා එයාගේ පහුගිය අතීතයේ එයා ජිවත් වුනු විදිහ මතක් කරනකොට. අදුර වැටුනාම එයා ගඩොල් කැට කිහිපයකට හිස තියාගෙන එයාගේ වල ඇතුලේ නිදා ගන්නවා.හජී එයා ජිවත් වෙන දෙගහ් ගමේ හරිම සරළ ජිවතයක් ගත කරනවා. ඉතින් එයා කොයි තරම් අපිරිසිදු ජිවතයක් ගත කරත් එයාගේ ජිවිතේ ඇත්තටම සුන්දර ඇති නේද? තරු පිරුණු අහසක් දිහා බලාගෙන හුදකලාව ජිවත් වෙන එක? ඒ වගේ ම කියන්න ඕන එයා මේ වාර්තාවක් තියලා තියෙන්නේ ඒ කළින් ඉන්දියානු ජාතිකයෙක් වුනු කාලිෂ් සිංග් වසර 38ක් තිස්සේ නාන්නේ නැතුව පිරිසිදු වෙන්නේ නැතුව ඉදලා තිබ්බ වාර්තාවයි.හජී අවුරුදු 60ක් තිස්සේ පිරිසිදු වෙලා නෑ

උපුටා ගැනීමකි

Make a Comment
Make a Comment
මෙන්න බලන්න තවත් ගොසිප්
LATEST GOSSIP
Top 10 Commenters
Latest Comments
 
Copyright © 2016 rategossip.com
Top